×

දේශපාලන අර්බුදයට විරෝධය පළ කරමින් ලෙබනනයේ පුවත්පතක මුල් පිටුව කළු පැහැ වේ

ලෙබනනයේ මුද්‍රණය කරන ප්‍රධාන පෙළේ දිනපතා පුවත්පතක මුල් පිටුව, ලෙබනනය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශපාලන අර්බුදයට විරෝධය පළ කිරීමක් වශයෙන් තනි කළු පැහැයෙන් මුද්‍රණය කර තිබිණි.


ලෙබනනයේ මුද්‍රණය කරන ප්‍රධාන පෙළේ දිනපතා පුවත්පතක මුල් පිටුව, ලෙබනනය තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවතින දේශපාලන අර්බුදයට විරෝධය පළ කිරීමක් වශයෙන් තනි කළු පැහැයෙන් මුද්‍රණය කර තිබිණි.

මෙම The Daily Star පුවත්පත, ලෙබනනය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පළ වන එකම පුවත්පත වීම ද විශේෂත්වයකි.

එහි කළු පසුබිම මත මුල් පිටුවේ සඳහන් වූයේ එකම එක වචනයකි. ඒ, “Lebanon,” යන්නයි.

අනතුරුව හිස් කළු පිටු 10 ක් ද පුවත්පතෙහි විය. ඒවායේ එක් එක් පිටුවේ පිළිවෙළින් තනි වචනයක් පමණක් මුද්‍රණය කර තිබූ අතර, ඒ වචන වූයේ “government deadlock”, “pollution” “unemployment”, “illegal weapons” සහ “public debt‘‘ යනාදියයි.

රට මේ වන විට දේශපාලන අර්බුදය තුළ මුහුණ පා සිටින ප්‍රධානතම ගැටළු ලැයිස්තුව එසේ ගැබ් කර තිබිණි.

ඉන්පසු අවසන් පිටුවේ වූයේ ‘‘ප්‍රමාද වැඩි වෙන්නට පෙර ඇහැරෙන්න‘‘ යන අර්ථය දෙන “Wake up before it’s too late!” යන්නයි. එම වැකිය සමග රටේ ජාතික සංකේතය වන දේවදාර ගසක් දැක්විණි

”Wake up before it’s too late!”

වසරක් ඇතුළත මේ අන්දමින් කළු පැහැයෙන් පිටු සරසා සිය විරෝධය පළ කළ දෙවන ලෙබනන් පුවත්පත මෙයයි. පසුගිය වසරේ රටේ පැරණිම පුවත්පත වන An-Nahar පුවත්පත සම්පූර්ණ කලාපයක්ම සම්පූර්ණ කළු පැහැයෙන් මුද්‍රණය කළේ කැබිනට් මණ්ඩලය පිහිටුවා ගැනීමේදී පාලක පන්තිය ඇති කළ වියවුලට විරෝධය පෑමක් වශයෙනි. පුරා මාස 8 ක් ලෙබනනයට ආණ්ඩුවක් නොතිබුණු අතර මේ වසරේ ජනවාරි මාසයේ ආණ්ඩුවක් පිහිටුවා ගත් නමුත් අමාත්‍යවරයකෙුගේ ශරීරාරක්ෂක භටයන් දෙදෙනෙක් වෙඩි තබා මරා දැමීමේ සිද්ධියකින් පසුව මේ වන විට මාසයකට වැඩි කාලයක් කැබිනට් මණ්ඩලය රැස්වී නැත. යුද්ධයෙන් පළා ආ ලක්ෂ 15 ක් වන සිරියානුවන් ද ලෙබනනය තුළ ජීවත් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගියදා අනතුරු අඟවා තිබුණේ රට උද්ධමනයකට මුහුණ දීමට ආසන්න බවයි.

ලෙබනනය මේ වන විට ලෝකයේ වඩාත්ම ණයගැති රාජ්‍යයක් බවට පත්ව තිබෙන අතර, එහි මහජන ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතයට වඩා 150%ක් වැඩි ය. එහි විරැකියා ප්‍රතිශතයද 20% කි.

ද ඩේලි ස්ටා පුවත්පත මේ වික්‍රමය කළේ එම මාධ්‍ය සමාගමේ හිමිකරුවා වත්මන් අගමැති සාද් අල්-හරිරි Saad al-Hariri බව ද නොතකා හරිමිනි.

පුවත්පතේ කර්තෘ Joseph Haboush පැවසුවේ තමන් මෙමගින් ‘දේශපාලකයන්ට අනතුරු ඇඟවීමක් සිදුකරන බව‘‘ යි. රටේ දේශපාලන අර්බුදය පුපුරා යන තැනකට ආසන්නව ඇති බවට එමගින් පාලක පැළැන්තියට පණිවුඩයක් ලබාදීමට ඔහු අදහස් කළේය.

ඔන්න, ලංකාවේත් කරනවා නම් වැඩ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි