×

ඩොලර් නැති නිසා ලෙබනනය අඳුරේ – විදුලි ජනනය අත්හිටුවයි

ලෙබනන් රජය විසින් මිලදී ගන්නා විදුලිය සඳහා, ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදු කිරීම පැහැර හැරීම හේතුවෙන් එරට ප්‍රධාන පෙළේ විදුලි ජනන සමාගම් දෙකක් විදුලි නිෂ්පාදනය අත්හිටුවා තිබෙනවා.


අදාල ආයතන දෙක පසුගිය සිකුරාදා සිට විදුලි ජනනය අත්හිටුවා ඇති අතර මේ නිසා ලෙබනනයේ සමස්ත විදුලි සැපයුමෙන් 40% ක් පමණ අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

රටේ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය විසින් සිදුකරන අතර විදුලි ජනන සමාගම්වලින් බහුරතයක් විදෙස් සමාගම් වේ. මේ නිසා රජය මිලදී ගන්නා විදුලි ඒකක සඳහා ගෙවිය යුත්තේ ඇමරිකානු ඩොලර්වලිනි.

ලෙබනනය මේ වනවිට දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් බැටකමින් සිටින අතර ඔවුන් මුහුණ දී සිටින දැවැන්තම අර්බුදය වන්නේ විදෙස් සංචිත හිඟ වීමයි. මේ නිසා ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් සිදුකළ නොහැකි වී ඇති අතර ලෙබනන් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කළ නොහැකි තත්වයට අර්බුදය දුරදිග ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී ලෙබනන් බීරූට් වරායේ සිදු වූ පිපිරීම හේතුවෙන් පැවති පාලනයට ඉල්ලා අස්වීමට සිදු වූ අතර එතැන් පටන් එරට පැවති අර්බුද වඩාත් උත්සන්න විය.

එරට ජනතාව මේ වනවිට ඉන්ධන හා ආහාර අර්බුදයකටද මුහුණ දී සිටින අතර මේ නිසා ජනතාව රජයට එරෙහිව කැරලි ගසන තත්වයට අර්බුදය උත්සන්න වී තිබෙනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සහ වෙනත් අර්බුද හේතුවෙන් මේ වනවිට රටවල් රැසක් විදෙස් සංචිත අහිමි වීමේ අර්බුදයට මුහුණ දී සිටී.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි