×

ලෙබනනයේ ගරා වැටුණු පාලනයට ආලෝකයක්?

මෙම නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුර 18ක් සමන්විත වන බවට හෙතෙම හෙලිදරව් කළේය.


පසුගිය කාල වකවානුව පුරාම ලෙබනනය දෙසින් අසන්නට ලැබුණේ සුභදායී පුවත් නම් නොවේ.

ඒ හිනිපෙත්තට නැඟි බදු බර හා අස්ථාවර පාලන තන්ත්‍රය හමුවේ පීඩාවට පත් ජනතාව කුපිත වී වීදි බැසීම නිසාය.

විටින් විට උද්ඝෝෂණ දියත් කරමින් ලෙබනන වැසියන් විරෝධතාවයේ නිරත වු අන්දම වාර්තා වී තිබිණි.

ලෙබනනය තුළ පූර්ණ දේශපාලන ප්‍රතිසංස්කරණයක් ඇති විය යුතු බවට අදහස් පළවී තිබිණි.

ලෙබනනයේ වත්මන් භාරකාර ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා අද දින විශේෂ ප්‍රකාශයක් සිදුකොට තිබේ.

එරට මුදල් අමාත්‍ය අලි හසන් ඛලිල් ප්‍රකාශ කර සිටියේ ලෙබනනය නව රජයක් පිහිටුවීමට ඉතා ආසන්න බවයි.

ඒ අනුව ලෙබනනය තුළ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුවනු ඇති බවට හෙතෙම විශ්වාස කරයි.

මෙම නව රජයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධුර 18ක් සමන්විත වන බවට හෙතෙම හෙලිදරව් කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස හිටපු අග්‍රාමාත්‍ය සාද් අල්-හරිරි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ලෙබනනය තුළ රජයක් නොමැති තත්ත්වයක් උද්ගත වී තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි