×

ගිලෙන නෞකාවකට සමවූ ලෙබනනයේ ඛේදවාචකය..

අවසානයේ ලෙබනනය ගිලෙන ටයිටැනික් නැවකට සමවිය..


ලොව පවතින ආර්ථිකයන් ගෙන් අතිශය පිරිහීමකට ලක්වූ රාජ්‍යයක් ලෙස ලෙබනනය හැඳින්වේ. මෙකී ආර්ථික කඩා වැටීම, හිනිපෙත්තට නැඟි බදු බර හා දේශපාලන අස්ථාවරභාවය හමුවේ දරාගත නොහැකි ලෙබනන වැසියන් මහමඟට බැස විරෝධතාවයේ නිරත වූයේ කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ලබා දෙන ලෙස ඉල්ලමිනි.  

මේ අතර, ලෙබනනයේ පාර්ලිමේන්තුවේ කතානායක නබි බෙරි මහතා අද (18) දින ප්‍රකාශ කර සිටියේ එරට කඩා වැටුණු ආර්ථිකය හා දේශපාලන අස්ථාවරභාවය හමුවේ ලෙබනනය ගිලෙන නෞකාවක් බවට පත්ව ඇති බවයි. මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් රට අගාදයට වැටෙන බව ඒ මහතා පෙන්වා දෙයි. 

මේ පිළිබඳ ලෙබනනයේ පුවත්පතක් වන අන්-නහර් වාර්තා කර සිටියේ ලෙබනන වැසියන් ගිලෙන ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මඟින් හා සමාන බවයි. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය ලෙබනනයේ කඩා වැටුණ ආර්ථිකය හමුවේ ප්‍රතිසංස්කරණ ඇතිකරලීමට සහය පළ කර තිබූ බවට ද පසුගිය කාලයේ වාර්තා වී තිබිණි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි