×

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩයන්න අවුරුදු 6 – 7 වත් ගතවේවි: ලෙබනන ජනපති

ලෙබනනයේ මතුව ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට වසර 6 - 7 පමණ කාලයක් වත් ගත වනු ඇති බවට එරට ජනපති මයිකල් අවොන් ඉකුත් සිකුරාදා (24) දින ප්‍රකාශ කර තිබේ.


ලෙබනන ජනපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

2019 වර්ෂයේ සිට ලෙබනනයේ බරපතල ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ අතර, මීට හේතුව විවිධ අවස්ථාවන් වල ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීම සහ එරට දේශපාලන අධිකාරියේ ක්‍රියාකලාපය මත නිර්මාණය වී තිබෙන අස්ථාවරභාවය බවට සඳහන්.

මෙය 1975 – 1990 කාලවකවානුව තුළ පැවති සිවිල් යුධ තත්ත්වයෙන් පසුව ලෙබනනය මුහුණ පා ඇති බරපතලම ආර්ථික අර්බුදය බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි