×

වසර 29 කට පසු ලෙබනනයේ පළමු කොලරා ආසාදිතයා හමුවෙයි!

දශක තුනකට පමණ පසු යළි කොලරා ආසාදනයේ නැඟිටීමක් ලෙබනනයේ?


ලෙබනනයෙන් කොලරා ආසාදිත පුද්ගලයකු හමුවී ඇති බව වාර්තා වෙයි.

මෙසේ ලෙබනනයෙන් කොලරා ආසාදිත පුද්ගලයකු හමුවන්නේ වසර 29 කට පසුවයි.

පළමු වරට කොලරා ආසාදිතයන් ලෙබනනයේ වාර්තා වී තිබෙන්නේ 1993 වර්ෂයේ වන අතර, මෙම නව ආසාදිතයා ඉකුත් ඔක්තෝබර් 05 වන දින ලෙබනනයේ උතුරු කලාපයේ අක්කාර් නම් ගම්බද ප්‍රදේශයෙන් හමුවී ඇති බව එරට රජයේ ජාතික පුවත් සේවය (National News Agency) වාර්තා කරයි.

මෙසේ කොලරා ආසාදනයට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ තත්ත්වය ස්ථාවර බවත් එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

19 වන සියවසේ ඉන්දියාවේ ගැන්ගස් ඩෙල්ටාවෙන් ආරම්භ වූ කොලරා ආසාදනය ලොව පුරා වසංගත තත්ත්වයක් ලෙස විටින් විට මතුව තිබේ. වත්මන් කොලරා ආසාදනය එසේ මතුවූ සත්වන කොලරා වසංගත තත්ත්වය ලෙස හඳුනා ගෙන ඇති අතර, එය 60 දශකයේ දී දකුණු ආසියාතික කලාපය පුරා ව්‍යාප්තව ගිය අතර, 70 දශකය වන විට අප්‍රිකාවට ද 90 දශකය වන විට ඇමරිකාස් කලාපයට ද ව්‍යාප්ත විය.

කොලරා ආසාදනය සිදුවන්නේ විබ්රියෝ කොලරේ (Vibrio cholerae) බැක්ටීරියාවෙනි.

ඡායාරූප: විකිපීඩියා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි