×

තුරඟ තරඟ පුරාවෘත්තයක් වන ලෙස්ටර් පිගොට් දැයෙන් සමුගනී!

ආශ්වාරෝහක තරඟ අතර පුරාවෘත්තයක් සේ සැලකෙන අතිජනප්‍රිය ආශ්වාරෝහක ලෙස්ටර් පිගොට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.


තුරඟ තරඟ වලට අදාළ Derby තරඟාවලියෙන් නව වතාවක් ම සම්මාන ජයග්‍රහණය කර ඇති ඒ මහතා මිය යන විට 86 වෙනි වියේ පසුවිය.

ඔහුගේ අභාවය ඒ මහතා ගේ බෑණා වන විලියම් හගාස් විසින් තහවුරු කර ඇත. විලියම් ද Derby තරඟාවලිය ජයග්‍රහණය කළ තුරඟ තරඟ පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ලබයි.

තම දිවියේ අවසාන කාලවකවානුව තුළ රෝගාතුරව සිටි ලෙස්ටර් පිගොට් මහතා ස්විට්සර්ලන්තයේ ජීවත් වූ අතර, අසනීප තත්ත්වය මත රෝහල්ගත කර තිබෙන්නේ ද ස්විට්සර්ලන්තයේ ය.

තම ජීවිත කාලය තුළ ලෙස්ටර් පිගොට් මහතා බ්‍රිතාන්‍යයේ සම්භාවනීය තරඟ 30ක් ජයග්‍රහණය කර ඇති අතර, එමඟින් ලබාදුන් ජයග්‍රහණ සංඛ්‍යාව 4,493 බවට සඳහන්.

මීට අමතරව, ඔහු රාජකීය ඇස්කොට් ජයග්‍රහණ 116 ලබා ඇති අතර, 1960 – 1982 අතර කාලය තුළ 11 වතාවක් තුරඟ තරඟ ශූර ලෙස නම් කරන ලදී.

නාඹර තරුණයකු ලෙස ලෙස්ටර් තම පළමු Derby තරඟාවලිය ජයග්‍රහණය කරන්නේ එප්සොම් හි දී 1954 වර්ෂයේ ය. නවවන වරට එහි ජය තහවුරු කරන්නේ 1983 වර්ෂයේ ටිනොසෝහි දී ය.

ඉතා කුඩා අවධියේ තුරඟ තරඟ පිටියට පිවිසෙන ලෙස්ටර් තම පළමු ජයග්‍රහණය ලබා ගන්නේ 1948 වර්ෂයේ දී යම්තම් වයස 12 දී ය. ඒ හේඩොක් නගරයේ පැවති තරඟාවලියකදී ය. දශක ගණනාවක් පුරාවට තුරඟ තරඟ ක්ෂේත්‍රයේ නොමැකෙන සංදිස්ථානයක් සනිටුහන් කරමින් තුරඟ තරඟ පුරාවෘත්තයක් බවට පත්වන ලෙස්ටර් පිගොට් මහතා ගේ අවසාන ජයග්‍රහණය සනිටුහන් වන්නේ 1994 වර්ෂයේදී ය.

1995 වර්ෂයේදී ඔහු විශ්‍රාම සුවය ආරම්භ කළේය.

Photos: Telegraph / The Guardian



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි