×

ලෝක ඉතිහාසයේ බිහිසුණුම වැටලීම හෙවත් ජර්මානු හමුදා විසින් ”ලෙනින්ග්‍රෑඩය වැටලීම ”

රුසියානු හමුදා ලෙනින්ග්‍රෑඩය ආරක්ෂා කළ ආකාරය එතෙක් මෙතෙක් මිහිපිට සිදුවූ බිහිසුණුම යුද මෙහෙයුම ලෙස ද ලෝක ඉතිහාසයට එක් වූයේය.


ලෝක ඉතිහාසයේ නොමැකෙන මෙන්ම වේදනාකාරී අත්දැකීම් ජනික තළ දෙවන ලෝ යුද්ධය 1939 වසරේ සිට 1945 දක්වා ඇති කළ ඉමිහිරි මතකයන් බෙහෝමයකි.
ඒවායේ මතක අදද ලෝකයේ රටවල් විසින් ස්මරණය කරනු ලබන්නේ කදුලු මතිනි.
පර්ල්වරාය, හිරෝෂිමා නාගසාකී ප්‍රහාර,හොල්කොස්ට් සිදුවීම, ඇතුළු සිදුවීම් ගණනවාක් ඊට උදාහරණ සපයයි.

ලෙනින්ග්‍රෑඩය නට්සීන් විසින් ආක්‍රමණය කිරීමත් ඒ අතර සුවිහේෂී එකකි.
ජර්මන් නට්සි බල කදවුර තර කර ගැනීමේ මෙහෙයුමේ දරුණුතම සිදුවීමක් වූ ලෙනින්ග්‍රෑඩය වැටලීමෙන් පසු නැවත එය සොවියට් හමුදාවන් විසින් බේරා ගැණුනේ දින 872කට පසුවයි. ඒ මීට හරියටම වසර 75කට පෙර 1944 ජනවාරි 27 වන දිනයි.
ජර්මනියේ නට්සි හමුදා විසින් 1941 වසරේ ජූනි මස ලෙනින්ග්‍රෑඩය ආක්‍රමණය කිරීම ආරම්භ කළද එම වසරේ සැප්තැම්බර් මස සම්පූර්ණයෙන්ම ලෙනින්ග්‍රෑඩය තමන් යටතට ගැණන. හිට්ලර් ගේ මෙහෙයවීමෙන් දෙවන ලෝක යුද්ධය රුසියාවට පැමිණෙන්නේ ලෙනින්ග්‍රෑඩය අාක්‍රමණය කිරීමත් සමගිනි. ලෙනින්ග්‍රෑඩයට යුද්ධය යනු මෙම ආක්‍රමණය විය . එනම් සෑම පසෙකින්ම නගරය තුළට පැමිණීමක් හෝ ඉන් පිටවීමක් නට්සීන්ගේ අනු දැනුම නොමැතිව කොහත්ම සිදු කළ නොහැකි විය. අද වන විට රුසියාවේ දෙවන විශාලතම නගරය වන ලෙනින්ග්‍රෑඩය අද හදුන්වන නම වන්නේ ශාන්ත පීටර්ස් බර්ග් යන නමයි.

සැප්තැම්බරයේ 8 වන දින ජර්මනිය විසින් ලෙනින්ග්‍රෑඩයට ඇතුලු වන්නට තිබූ අවසන් මාර්ගයත් වසා දමන විට එහි සිටි රුසියානුවන් සංඛ්‍යාව 3000000 විය.

අද වන විටද ලෝක ඉතිහාසයේ දරුණුතම බිහිසුණුම වටලෑම මෙය බවට ඉතිහාසය විසින් සළකුණු කර ඇත. දින 872ක කාලයක් පුරා හිට්ලර්ගේ නට්සි හමුදාව විසින් ලෙනින්ග්‍රෑඩය වටා සැතපුමක දුරින් හමුදා කදවුරු ලාගෙන සිටියේ කූඹියෙකුට හෝ නගරයේ පිටවන්නට මෙන්ම ඇතුල් වන්නට අමානුෂික ලෙස අවසර ලබා නොදෙමිනි.

එසේ රැකවල්ලාගෙන සිටින අතර තුර ඔවුන් නගරය වෙත බෝම්බ එල්ල කලා පමණක් නොව නගරය තුළට ආහාර කිසිවක් රැගෙන යන්නට ඉඩ කඩක් තැබුවේ නැත. නගරය තුළට ආහාර පැමිණීම වැළැකීමත් සමග නගරයේ ජනතාවගේ කුසගින්න එන්න එන්නම වැඩි විය දහස් ගණනක් ජනතාවට ආහාර සැපයීම එකම අර්බුදයක් විය. ශීත සෘතුව ලගා වී තිබීමත් සමග අධික ශීතල හේතුවෙන්ද ජනතාව ඉමහත් අසීරුතාවට පත් වන්නට පටන් ගත්හ. මේ අතර හිට්ලර් ආහාර වට්ටෝරුවක්ද සමගින් ආරාධනා පත්‍රයක් සිය මිත්‍රරන් වෙත බෙදා හැරියේ ලෙනින්ග්‍රෑඩය යටත් කරගත් සතුට වෙනුවෙන් එහි පිහිටි විශාලතම හෝටලයට පැමිණේන ලෙස ආරාධනා කරමිනි.
තත්ත්වය ක්‍රමයෙන් බරපතල වත්ම දහස් ගණන් ජනයා කුස ගින්නේ මෙන්ම සීතලෙන් මහ මග මැරී වැටෙන්නට පටන් ගත්තෝය. මන්ද පෝෂණ තත්ත්වය මෙන්ම බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණද උද්ගත වන්නට විය . ඒත් සමග ලෙනින්ග්‍රෑඩය ආක්‍රමණය විසින් මිනිසුන් විසින් නිර්මාණය කරන ලද දරුණුතම සාගතය ඉතිහිසය තුල බිහි වූයේද ලෙනින්ග්‍රෑඩය තුළයි. දහස් ගණණින් නොව මිලියන ගණනක් මිනිසුන් සාගින්නේ මිය ගියහ.

සෑම පුද්ගලයෙකු වෙතම ලබා දිය හැකි වූයේ මුළු දවසටම ග්‍රෑම් 125ක කුඩා පාන් පෙති දෙකක් පමණක් විය. ඒවා නිපදවා තිබුණේ 50%60%ප්‍රමාණයක් ලී කුඩු මිශ්‍ර කිරීමෙනි. ශීතල සෙල්සියස් අංශක සෘණ 30ක් දක්වා වැඩි වෙමින් පැවතිණි. නගරයේ පවාහණ පහසුකම් ඇණහිට තිබූ අතර ලබා දෙන සුළු ආහාරය පවා ලබා ගන්නට කෙටි දුරක් හෝ ඇවිද යන මට්ටමේ ජනතාව නොසිටියහ. 1942 වන විට එනම් වසර 3ක් යන විට ලෙනින්ග්‍රෑඩයේ ජනතාව මසකට මිය යන සංඛ්‍යාව 100000දක්වා වැඩි විය. ඉන් බෙහෝමයක් දෙනා මිය ගියේ කුසගින්නෙනි. පාරේ තැනින් තැන මළ මිනී දැකීම ජනතාවට සුපුරුදු දර්ශනයක් බවට පත් විය.

ලෙනින්ග්‍රෑඩ් සිදුවීම ගැන ඇතැම් වාර්ථා මේ කාලය තුළ මිනීමස් කෑමේ සිදුවීම්ද වාර්ථා වූ බව හෙළි කරනු ලබයි ඒ 1941-42 අතර ශීත සෘතුවේදීය. මෙම වාර්ථා තවමත් පළ නොවූ වාර්ථා ලෙසම පැවතුනද මිනී මස්කන්නට පෙළඹුණ පුද්ගලයන් සිර ගත කර තැබූ බවද ඒවා විසින් සටහන් කර ඇත‍. ඒ අනුව NKVD හෙවත් රුසියානු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තු වාර්ථා සදහන්න කරන්නේ 1942 වසරේ එම දෙපාර්තුමේන්තුව මගින් මිනීමස් කන්නන් 2105ක් අත් අඩංගුවට ගත් බවයි.
මාෂල් ඔෆ් විකටරි කෘතිය රචනා කරමින් ජෝර්ජි සොකෝව් Zhukov පවසන්නේ යුද්ධයට පෙර ලෙනින්ග්‍රෑඩයේ ජනගහණය 3385000 සිටියද දරුවන් 414,148 ඇතුළු 1743129 ක් දෙනා නගරයෙන් ඉවත් කර ඇති බවයි. ඔවුන් සයිබීරියාව සහ කසකස්ථානයට සංක්‍රමණය වී ඇත.

බෝම්බ ප්‍රහාරයන් ගෙන් මිය ගිය සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩි වන්නට විය ෂේල් බෝම්බ ප්‍රහාර මගින් මිය ගිය සංඛ්‍යාව 5723ක් වූ අතර 20507 දෙනා තුවාළ ලබා තිබුණු බවට වාර්ථා විය.
මේ අතර තුර හටිලර්ගේ නට්සි හමුදාවෙන්ලෙනින්ග්‍රෑඩය මුදවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පැවතුණ අරත සෝවියට රතුහමුදාව ඒ වෙනුවෙන් සැළසුම් සකස් කරමින් සිටියේය. නගරය තුළ දුක් විදින ජනතාවට සීමා සහිත ආහාර ප්‍රමාණයක් මෙන්ම නට්සි හමුදාව පලවා හැරීම සදහා අවශ්‍ය ආයුධද ප්‍රවාහණය කිරීමේ එකම මග වූයේ ලෙනිනින්ග්‍රෑඩයට දකුණිනි පිහිටා තිබූ ලදෝගා Ladoga විලයි. ශිතල අඩු කාල වලදී අවහ්‍ය දුවශ කුඩා බෝට්ටු ඔස්සේ ගොඩබිමි තෙත් රැගෙන ආ අතර ශීත සෘතුවේදී රහසිගත ගොඩබිම් මාර්ග ඔස්සේ ප්‍රවාහණය සිදු විය. ලඩෝගා හී සිටි නැවු කණ්ඩායම් විසින් එහි ආරක්ෂාව පිළිබද විමසිල්ලෙන් සිටියහ. ලෙනින්ග්‍රෑඩය මුදවා ගැනීම සදහා සැළසුම් සාර්ථක වෙමින් පවතින විට එම මාර්ග ඔසුසේම නගරය තුළ සිටි ජනතාව හැකි තරමින් ඉවත් කිරීමේ මෙහෙයුම්ද මේ වන විට දියත් වෙමින් පැවතිණි. මේ සියලු හේතූන් නිසාම මෙම මාර්ගය එනම් අයිස් මිදුණු ගදෝගා විල හරහා මාර්ගය හදුන්වන ලද්දේ Road of Life ජීවිතයේ මාර්ගය නමිනි. නමුත් අධිත ශිත දිනවල මෙම මාර්ගයම මරණයේ මාර්ගය Road of Death බවටද පත් වූ යේය.

ඉස්කාරා මෙහෙයුම ලෙනින්ග්‍රෑඩය මුදවා ගැනීමේ සාර්ථක මෙහෙයුම් වලින් එකක් විය. 1943 ජනවාරි මස 12 වන දින මෙම මෙහෙයුම ආරම්භ වූ අතර එහිදී ලදෝගා දෙරටුව කිලෝ මීටර් 10- 12 අතර ප්‍රමාණයකින් පුළුල් කර ගන්නට හැකි විය.
ඒත් සමග ඇරඹුණු සැළසුම් 1944 ජනවාරි 27 වන දා තෙක් පැවති අතර ඉතා උපක්‍රමශීලී ලෙස සිදු කරන ලද ආක්‍රමණයන් මගින් ජර්මානු හමුදාව ලෙනිනග්‍රෑඩයෙන් ඉවත් කිරීමට සොවියට් රතු හමුදාව සමත් විය‍

රතු හමුදාව යූරල් කඳුවැටිය පිටුපස මහා කාර්මික ප්‍රදේශයන්හි නිපද වූ ටොන් 50ක විශාල යුද ටැංකි වගුරු බිම් ඔස්සේ ගෙනැවිත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ලකොට ජර්මානුන් පසු බැස්සවීය. 1942 ජනවාරියේ දකුණු යුද පෙරමුණට දෙවැනි මහා ප්‍රහාරය එල්ල කරන්නට හිට්ලර් අණ දුන්නේය. ඔහුගේ අරමුණ වූයේ කොකේසස් හා යුක්රේනය යටත් කොට ගෙන ලෙනින්ග්‍රෑඩය හුදකලා කිරීමය. රුසියානු රතු හමුදා වොල්ගා නදියේ වම් ඉවුරෙන් ඔබ්බට එන්නට නාසීන්ට ඉඩ දුන්නේ නැත. දෙවැනි ලෝක යුද්ධයේදී දිවි පිදූ රුසියන් රතු හමුදාවේ භටයන් සංඛ්‍යාව මිලියන 28.2කි. එයින් කෝටි 2ක්ම දිවි පිදුවේ ජර්මානුවන්ගෙන් රුසියන් දේශය නිදහස් කර ගැනීමේ යුද්ධයේදීය. සාමාන්‍ය ජනතාව මිලියන 22ක් යුද්ධයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. රුසියානු හමුදා ලෙනින්ග්‍රෑඩය ආරක්ෂා කළ ආකාරය එතෙක් මෙතෙක් මිහිපිට සිදුවූ බිහිසුණුම යුද මෙහෙයුම ලෙස ලෝක ඉතිහාසයට එක් වූයේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි