×

Leonardo DiCaprio ගේ අලුත්ම ඇම!

දැන් DiCaprio ගේ අලුත්ම ඇම වී සිටින්නේ 19 හැවිරිදි ඊශ්‍රායල නිරූපිකාවක් වන Eden Polani ය.


Leonardo DiCaprio කියන්නේ ටයිටැනික් ප්‍රේමවෘත්තාන්තයේ ප්‍රේමණීය ආදරවන්තයා වූ ‘ජැක්’ කීවොත් ඔබ හොඳින් හඳුනනවා ඇතැයි මම සිතමි. ඕනෑම ආදරවන්තයන් දෙදෙනෙක් ගැන කතා කිරීමේදී බහුලව යොදා ගන්නා රෝමියෝ-ජුලියට් ට සාපේක්ශව ජැක්-‍රෝස් කියන්නෙත් ප්‍රේමයෙන්, ශෘංගාරයෙන් පමණක් නොව හැඟීම් පෙරදැරිව රසික හඳවත් ඇඳ බැඳ ගත් යුවලකි.

ජැක් කියන්නේ දඟකාර කොලු ගැටයෙක්! රෝස් ගේ ආදරය හමුවේ පරිණත ආදරවන්තයෙක් ගේ භූමිකාවට රඟ පෑ ඔහු අද වන විට ඇත්තම සෙල්ලක්කාරයෙක් වී ඇතැයි කිව යුතුය.

ඡායාරූප; Biography

අවුරුදු 25 ට අඩු සුරූපී සරාගී ගැහැණු ළමුන් කෙරෙහි වැඩි ආකර්ෂණයක් දක්වන ඔහු කාලෙන් කාලෙට විවිධාකාරයේ රූප සම්පත්තියක් ඇති කෙලි පොඩිත්තියන් අල්ලා ගනී.

දැන් DiCaprio ගේ අලුත්ම ඇම වී සිටින්නේ 19 හැවිරිදි ඊශ්‍රායල නිරූපිකාවක් වන Eden Polani ය.

ඡායාරූප; Facebook

කවුද මේ Eden Polani ?

ඡායාරූප; Facebook
ඡායාරූප; Facebook
ඡායාරූප; Facebook



ඇය ප්‍රංශ මවකට සහ ඊශ්‍රායල පියෙකුට දාව පැරිසියේ උපත ලැබූ අතර බුටික් විලාසිතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන නිරූපිකාවකි.

ඇය නිරූපන ක්ෂ්‍රේත්‍රයේ ඉදිරියට ආ සුරූපිනියකි. ඊඩන් 195,000 ක් පමණ ෆලෝවර්ස්ලා ඉන්න ඉන්ස්ටා තරුවකි.
වැඩි විස්තර නැතිව ඇයට ඉන්ස්ටා ඉන්න ෆලෝවර්ස්ලා ගාණ කීවේ නවීන ලෝකයේ ඇය හෝ ඔහු ජනප්‍රිය යැයි’ තීරණය කිරීමට මහඟු සාධකයක් ලෙස එය දැක්විය හැකි බැවිනි.

කෙසේ වෙතත් DiCaprio ගේ අලුත් පෙමට සුභ පතන ගමන් ‘මතු සම්බන්ධයි’ යනුවෙන් මෙම කතාව මෙතැනින් නිම කරමු!

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි