×

ඇය අපේ කාලයේ නායිකාවයි… ඩි කැප්‍රියෝගෙන් ග්‍රේටා ට ප්‍රශංසා

.


දේශ ගුණික විපර්යාස හේතුවෙන් අපට අහිමි වෙමින් පවතින සමස්ථ ස්වභාව ධාර්මය වෙනුවෙන්ද අනාගතය වෙනුවෙන්ද ලෝකය පුරා හඩක් ඇති කළ ග්‍රේටා තන්බර්ග් අපේ කාලයේ වීරවරියක් බව සුප්‍රකට නළු ලියනාර්ඩෝ ඩි කැප්‍රියෝ විසින් හදුන්වා දෙනු ලැබීය.

දේශගුණික විපර්යාස වෙනුවෙන් ප්‍රභල හඩක් නැගූ කිුයාකාරිකයෙකු වන ඩි කැප්‍රියෝ පසු ගිය සිකුරාදා ග්‍රේටා සමග ගත් ඡායාරූපයක් ඉන්සටග්‍රැම් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් එසේ පවසන ලදී,

මානව ඉතිහාසයේ මෙතරම් පුළුල්ව හා පරිවර්ථනීය අයුරින් මනුෂ්‍යත්වයේ හඩ ඇසුණු අවස්ථාවන් පවතින්නේ අවස්ථාවන් කිහිපයකදී පමණි. නමුත් ග්‍රේටා තන්බර්ග් අපේ කාලයේ නායිකාව බවට පත්ව ඇත,


ඔහු තවදුරටත් පැවසුවේ ” වත්මන් ලෝකය එහි හෙට පරම්පරාව වෙනුවෙන් ඔවුන්ට ජීවත් විය හැකි ලෝකයක් ලබ ිදීම ‍වෙනුවෙන් අප කලේ කුමක්ද යන්න පිළිබදව අපගේ ඉතිහාසය අපව විනිශ්චය කරනු ඇත. යනුවෙනි.

ග්‍රේටා මෙන්ම ඩි කැප්‍රියෝද පරිසර ක්‍රියාකාරිකයෙකි.ඔහුගේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ පදනම “දේශගුණික තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව පිළිබදව අවදානමට ලක්විය හැකි වන ජීවීන් ආරක්ෂා කිරීම සහ තර්ජනයට ලක් වූ පරිසර පද්ධති සහ ප්‍රජාවන්ට සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කරන ලොව පුරා ව්‍යාපෘති සඳහා සහාය වේ.
ග්‍රේටාගේ පණිවිඩය නිදා සිටින ලෝක නායකයන් අවදි කරනු ඇතැයි ඔහු පවසා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි