×

ලෙසතෝ අගමැතිගේ හිටපු බිරිය ඝාතනය කළැයි වත්මන් බිරියට චෝදනා

80 හැවිරිදි තෝමස් තබානේ ලිපොලෙලෝගේ මරණයෙන් මාස දෙකකට පසු ඔහුගේ වර්තමාන බිරිඳ සමඟ විවාහ විය.


 

ලෙසතෝවේ අගමැති තෝමස් තබානාගේ පෙර විවාහ‌‌යේ බිරිඳ වන ලිපලේලෝ තබානේ ව ඝාතනය කරන ලද බවට ඔහුගේ වත්මන් බිරිඳ මෙසියා තබානේ ට චෝදනා එල්ල වෙමින් පවතී, දකුණු අප්‍රිකානු පොලීසිය මේ වන විට ඇගෙන් ප්‍රශ්න කරමින් සිටී. එමෙන්ම එම ඝාතනය සම්බන්ධව අගමැති තෝමස් තබානාගෙන් ප්‍රශ්න කර සිටී.

අගමැතිවරයාගේ පළමු බිරිඳ 2017 වසරේදී ඔහු දිවුරුම් දීමට දින දෙකකට පෙර ඇගේ නිවසෙන් පිටදී ඝාතනය කරන ලදී. ඒ් වන විට ඔවුන් දෙදෙනා අතර දික්කසාද නඩුවක් පැවැත්වෙමින් තිබිණ.

අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා පසුගිය ජනවාරි 10 වන දින රටින් පලා ගිය වත්මන් බිරිද මේසියා තබානේ අඟහරුවාදා පස්වරුවේ නැවත පැමිණ අගනුවර වන මැසෙරුහි පොලිසියට භාර විය. ඇය අසල්වැසි දකුණු අප්‍රිකාවේ සැඟවී සිටි බව පොලිසිය පවසයි.

ඒ් අනුව මෙම චෝදනා පිළිබද විමර්ශනය සදහා 42 හැවිරිදි මේසියා තබානේ අත්අඩංගුවේ පසුවන බවත්, රජයේ නීති නිළධාරීන් විසින් චෝදනා පත්‍රය සකස් කිරීමෙන් පසු උසාවියට ඉදිරිපත් නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මොකෙට් පසේකා මහතා පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි