×

සත්වරක් ලෝක රේසිං කාර් ධාවන ශූර ලුවිස් හැමිල්ටන්, කොරෝනා නිසා මන්දගාමී වෙලාද?

‘‘මට පුදුමාකාර නිදිමතක් දැනුණා. පෝඩියම් එක උඩ තියෙන දේවල් මට පේන්නෙ බොඳ වෙලා..‘‘


සත්වරක් ෆෝමියුලා වන් මෝටර් රථ ලෝක ශූරයා වූ ලුවිස් හැමිල්ටන් මෙසේ කීවේ ඉරිදා දිනයේ හංගේරියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව ය. තරගය අතරතුර අන්තිමයා ද වී යන්තම් තෙවැනියා වී තරගය අවසන් කළ ඔහු, ක්‍රීඩාගාරය වෙත ඇවිද ගියේ බිමට නැඹුරු කර ගත් හිසින් යුතුව ය.

ඔහු එම මාධ්‍ය සාකච්ඡාවෙන් පසුව වහාම සිය මර්සිඩීස් කණ්ඩායමේ වෛද්‍යවරයා හමුවී තිබිණි.

ෆෝමියුලා වන් ලෝක ශූරයා හට කෝවිඩ්-19 වැළඳුණේ ගිය දෙසැම්බරයේදී ය. ඔහුට ඒ නිසා ශක්හිර් තරගය ද අත්හැරිණි. අබුඩාබි හි පැවැත්වූ තරගයට සතියකට පසුව සම්බන්ධ වුවද, ඔහු කියා සිටියේ තමන් සම්පූර්ණයෙන් සුවය ලබා නැති බවයි.

‘‘මම මේ මුළු අවුරුද්දම කොවිඩ් එක්ක සටන් කරමින් සිටිනවා. මම තවම සනීප වෙලා නැහැ..‘‘ යැයි ලුවිස් හැමිල්ටන් කියයි.

ඒ අනුව ඔහු සැක කරන්නේ තමන් ‘ලෝන්ග් කෝවිඩ්‘ තත්වයට ගොදුරු වන්නට ඇති බවයි. මේ තත්වයට ලක් වන්නන් බරපතළ ලෙස අසනීප වන්නේ නැත. තවද ඔවුන්ට එය වැළඳී අනෙක් අයට වඩා ඉක්මනින් සුවපත් වෙයි නමුත්, ඔවුහු දීර්ඝ කාලීනව විවිධ කායික අපහසුතාවලින් පීඩා විඳිති. ආසාදනයෙන් සති 12කට වැඩි කාලයක් පවතින කෝවිඩ් රෝග ලක්ෂණ long Covid රෝග ලක්ෂණ ලෙස හඳුනා ගැනේ. එම රෝග ලක්ෂණ අතර,

  • අතිශය දැඩි මහන්සිය
  • කෙටි හුස්ම, හෘදයේ අසාමාන්‍ය ගැස්ම (පැල්පිටේෂන්), හෘද වේදනාව හෝ හදවත හිරවන බවක් දැනීම
  • මතක ශක්තියේ දුර්වලතා සහ එක දිගට සිත යොමු කිරීමේ දුර්වලතා
  • හන්දිපත් අමාරුව

මේ පිළිබඳ විශේෂයෙන් පර්යේෂණයක් කර ඇති ලන්ඩනයේ යුනිවසිටි කොලීජියට අනුව, තවත් රෝග ලක්ෂණ 100 ක් පමණ මෙම දීර්ඝකාලීන කෝවිඩ් හේතුවෙන් ඇති විය හැකිය.

ගරාජ් කොලුවෙකුගේ සිට අප්‍රතිහත ධෛර්යයෙන්, කළු ජාතිකයෙකු වීමේ අවමානය අභිමානයක් බවට පත් කර ගත් ලුවිස් හැමිල්ටන්ගේ අද තත්වය අපට ඉඟි කරන්නේ ලෝකයේ එදාමෙදාතුර බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා – දුෂ්කර සහ ගමන නොදන්නා ගමනාන්තයක් වෙතට තල්ලු වෙමින් තිබෙනා බවද?

මේ ගෝලීය වසංගතය විසින් ලොවට කර ඇති හානිය, තවම තක්සේරු කිරීමට වේලාසන වැඩි ය.

පෙර ලිපි

ලුවිස් හැමිල්ටන් නමැති ගරාජ් කොලුවා – එදා මෙදාතුර බිහිවූ විශිෂ්ටතම මෝටර් රථ ධාවන ශූරයා දක්වා

ලුවිස් හැමිල්ටන් ‘සර්‘ කෙනෙක් වෙන ලකුණු

ෆෝමියුලා වන් ධාවක ලුවිස් හැමිල්ටන්ට කොරෝනා වෛරසය වැළදීම නි​සා Sakhir Grand Prix මඟ හැරෙයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි