×

ෆෝමියුලා වන් ධාවක ලුවිස් හැමිල්ටන්ට කොරෝනා වෛරසය වැළදීම නි​සා Sakhir Grand Prix මඟ හැරෙයි!

ෆෝමියුලා වන් ශූර ලුවිස් හැමිල්ටන්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.


ෆෝමියුලා වන් ශූර ලුවිස් හැමිල්ටන්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ඔහුට මෙම සති අන්තයේ බහරේන් හි පැවැත්වෙන Sakhir Grand Prix මඟ හැරෙනු ඇත.

බ්‍රිතාන්‍ය ධාවන ශූරයාගේ මර්සිඩීස් කණ්ඩායම පැවසුවේ ඔහු පසුගිය සතියේ සිදුකළ කොවිඩ් පරීක්ෂාවට අනුව ඔහුට වෛරසය ආසාදනය වී නොතිබුණත් සඳුදා උදෑසන සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි.

හැමිල්ටන් බහරේනයට පැමිණීමට පෙර ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයෙකුට වෛරසය වැළදී ඇති බව වාර්තා වීමෙන් පසුව හැමිල්ටන්වද පරීක්ෂණ සඳහා යොමු කර තිබුණු අතර එහිදී ඔහුටද වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත.

මර්සිඩීස් ආයතනය විසින් නිකුත් කළ ප්‍රකාශයට අනුව හැමිල්ටන් දැන් බහරේනයේ කොවිඩ් -19 ප්‍රොටෝකෝල සහ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හුදෙකලා වෙමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි