×

LG ස්මාට් ෆෝන් සමුගනියි – දැඩි පාඩු නිසා ව්‍යාපාරය වසා දමයි

දැඩි පාඩු හමුවේ සිය ස්මාට්ෆෝන් ව්‍යාපාරය වසා දමන බව LG Electronics සමාගම අද දින නිවේදනය කළේය.


ඒ අනුව LG ස්මාට් ෆෝන් ව්‍යාපාරය නතර වීමට නියමිත ය.

ජනවාරි මාසය වන විට LG Electronics සමාගම එක දිගට වසර 6 ක් තිස්සේ පාඩු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසට ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක පාඩුවකට ලක් ව සිටියේය.

2013 වසර වන විට ලෝකයේ 3 වැනියට විශාලතම ස්මාට් ෆෝන් නිෂ්පාදකයා බවටපත් ව සිටියේ දකුණු කොරියාවේ එල්ජී ඉලෙක්ට්‍රොනික්ස් සමාගමයි. අල්ට්‍රා-වයිඩ් ඈන්ගල් කැමරා වැනි නවෝත්පාදනයන් ද ඔවුන් සිය ස්මාට් ෆෝන් සඳහා හඳුන්වා දී තිබිණි. ස්මාට් ෆෝන් නිෂ්පාදනයේ LG සමාගමට ඉහළින් සිටියේ Samsung සහ Apple සමාගම් පමණි. කෙසේ වෙතත්, පසුකාලීනව එල් ජී සමාගම සිය ස්මාට්ෆෝන් නිෂ්පාදනවල මෘදුකාංග සහ දෘඩාංග ගැටළුවලට ද ලක්විය.

මේ අතර, LG Electronics සමාගමේ කොටස් 5 අතරින් අඩුම පිරිවැයක් දරන්නේ ද ස්මාට්ෆෝන් කලාපය විසිනි. එය ඔවුන්ගේ සමස්ත ආදායමෙන් 7.4% කට පමණක් වගකීවේය. ගෝලීය වශයෙන් මේ වන විට එල් ජී ස්මාට් ෆෝන් විසින් නියෝජනය කරන්නේ ගෝලීය ස්මාට් ෆෝන් වෙළඳපොළේ 2%ක් පමණි. මේ තත්වය අනුව, තාක්ෂණික ගැටළු සහ අලෙවිය අඩුවීමේ ගැටළුව අනුව සිය ව්‍යාපාරය අවදානමට ලක් වීම නතර කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

මෙම තීරණයත් සමග Samsung සහ චීන සන්නාම වන Oppo, Vivo සහ Xiaomi වෙළඳපොළ තවදුරටත් වැඩිදියුණු වනු ඇත.

ලොව පුරා ස්මාට්ෆෝන් ව්‍යාපාරය, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් 10%ක අලෙවියේ අඩුවක් වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි