×

ඉන්දියාවේ අධික වර්ෂාව හා අකුණු සැර වරදීම් හේතුවෙන් පසුගිය පැය 24තුළ මිය ගිය සංඛ්‍යාව 36 දක්වා ඉහළට

පසුගිය දින පහ තුළ අකුණුසැර වැදීමෙන් මිය යන ලද සංඛ්‍යාව 39කි.


උතුරු ඉන්දියාවේ පසුගිය පැය 24 තුළ අන්තරායකර කාලගුණික තත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් 12 දෙනෙකු අකුණු සැර වැදීමෙන් මිය ගොස් ඇත. එමෙන්ම නොනවතින වර්ෂාව හේතුවෙන් නිවාස කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 24දෙනෙකු මිය ගොස් ඇති බව සහන කොමසාරිස් රන්විර් ප්‍රසාද් මාධ්‍ය වෙත පවසා තිබේ.


පසුගිය දින පහ තුළ අකුණුසැර වැදීමෙන් මිය යන ලද සංඛ්‍යාව 39කි. ඒ අනුව ගිගුරුම් සහිත වර්ෂාධික අවස්ථාවල ආරක්ෂා විය හැකි ආකාරය පිළිබඳ නව මාර්ගෝපදේශ නිකුත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත. පසුගිය වසර පුරා ඉන්දියාව පුරා අකුණු සැර වැදීමේ සියයට 34ක වැඩිවීමක් සිදුවී ඇති අතර, එය මරණ සංඛ්‍යාව වැඩි වීමට ද හේතු වී තිබේ.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සමගාමීව කටයුතු කරන Lightning Resilient India Campaign නම් සංවිධානයේ කර්නල් සංජේ ශ්‍රීවාස්තාවා පැවසුවේ වනාන්තර විනාශය, ජල මූලයන් ක්ෂය වීම, පරිසර දූෂණය ආදියෙන් දේශගුණික විපර්යාසයන් සිදු වන බවත් එමඟන් අකුණු ඇතිවීමේ අවධානම ඉහළ යන බවත්ය. මේ සම්බන්ධයෙන් විද්‍යා හා පරිසර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුනීතා නාරේන් මහත්මිය පවසා තිබුණේ ගෝලීය උණුසුම ඉහළ යාම නිසා අකුණු ඇතිවීමේ වාර ගණන ද ඉහළ ගොස් ඇති බවයි.


රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම වසරකම අකුණු සැර වැදීම හේතුවෙන් මිය යන සංඛ්‍යාව 2500ක් පමණ වන බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි