×

මිනිස් ලේ බිංදුවක් ඇති ‘සාතන්ගේ සපත්තු‘ ජෝඩු 666 ක් ලෝකය සොළවයි

Lil Nas X රැප්, පොප්, හිපොප් ගී රසිකයන්ට අමුතු නමක් නෙවෙයි.


මේ අවුරුදු 21 ක තරුණ තරුව, එල්ටන් ජෝන්ගේ සුප්‍රසිද්ධ ‘කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්‘ ගීතයට පමණක් හිමි ව තිබූ ලෝක වාර්තාවක් අත්පත් කර ගත්තා. ඒ, බිල්බෝඩ් හන්ඩ්‍රඩ් (Billboard 100) ගීත දර්ශකයේ සති 19 ක් තිස්සේ අංක එකේ ගීතයේ හිමිකරුවා ලෙසට.

ඩාක් ෆැන්ටසි මගින් රසිකයන් කුල්මත් කිරීමට වැඩි ඇල්මක් දක්වන Lil Nas X, පසුගියදා MSCHF නමැති පාවහන් සමාගම සමග මහත් ආන්දෝලනාත්මක ගිවිසුමකට එළඹුණා. ඒ, මිනිස් රුධිරය සහිත ‘සාතන්ගේ සපත්තු‘ “Satan Shoes,” බ්‍රෑන්ඩ් එක වෙනුවෙන්.

අංක 6 සැලකෙන්නේ සාතන්ගේ අංකයක් ලෙසයි. ඒ අනුව මාර්තු 26 වැනිදා පටන් සාතන්ගේ සපත්තු ජෝඩු 666 ක් වෙළඳපොළට මුදා හැරීමට සමාගම කටයුතු කර තිබුණා. ඉතා මිල අධික මේ සපත්තු ජෝඩුවක මිල ඩොලර් දහසකටත් අධිකයි. එක සපත්තුවක තීන්ත කියුබික් සෙන්ටිමීටර 60 ක් සහ මිනිස් ලේ බිංදු 1 ක් අඩංගුයි.

‘‘මේ කාගේ රුධිරයද?“ යනුවෙන් ඇතැම් ට්විටර් පරිශීලකයන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සේ ප්‍රශ්න කර තිබුණා.

මේ ගායකයා තමන්ගේ ට්විටර් ගිණුම උපයෝගී කරගෙන එහි ප්‍රචාරණ කටයුතු සිදුකිරීමටත් දැඩි ඇල්මක් දක්වන බව පෙනෙනවා. කැලිෆෝනියාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටා තිබෙන ‘චර්ච් ඔෆ් සාතන්‘ නිකායත් මේ සපත්තු ජෝඩුවක් ඇණවුම් කර තිබෙන බවත් ට්වටර් සමාජ ජාලය සඳහන් කරනවා. මෙම පල්ලිය කිසිදු විටෙක තමන්ගේ අනුගාමිකයන් කවුදැයි හෙළි නොකරන බවටත්, සාතන්ගේ බයිබලය භාවිතා කරන බවටත් ප්‍රකටයි.

මේ සපත්තු ආන්දෝලනයත් සමග Lil Nas X ගේ රසිකයන් මහත් අපසුවකට පත් වී තිබෙන අතර,  ඔහු තමන්ගේ ප්‍රියතම ගායකයාගේ ලැයිස්තුවෙන් දැනටමත් කපා දමා ඇති බවත් සමහරු කියනවා. නමුත් තවත් අය කියන්නේ මෙය ඔහුගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යාමට හේතුවක් වන බවයි.

[embedyt] https://www.youtube.com/watch?v=6swmTBVI83k[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි