×

මෙසීගේ 1000වැනි තරඟයේ ජය ආජන්ටිනාවට

දෙසැම්බර් මස 18වන දින පැවැත්වෙන ලෝක කුසලානය ඔහුගේ පස්වන සහ අවසාන ලෝක කුසලානය වනු ඇත.


සෙනසුරාදා(03) අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේ පැවැති සුපිරි 16 දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරඟයේ 2-1 ලෙස ජය ගැනීමට ආජන්ටිනාව සමත්ව තිබේ.


මෙම තරඟය ලයනල් මෙසීගේ 1000වන තරඟය වූ අතර තරඟයේ 32වන මිනිත්තුවේ ගෝල රකින්නාගේ සිට මීටර් 40ක දුර සිට ක්‍රිඩකයන් තිදෙනෙකු පසුකර එල්ල කරල ලද විශ්මයජනක ඩ්‍රිබ්ල් පහරත් සමඟ සිය වෘත්තීය ලෝක කුසලාන තරඟයේ නව වන ගෝලය ලබා ගැනීමට ඔහු සමත් විය. ආජන්ටිනාව වෙනුවෙන් දෙවන ගෝලය ජූලියන් අල්වාරෙස් විසින් ලබා ගනු ලැබූ අතර ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ලබාගත් එකම ගෝලය 77 වන මිනිත්තුවේ දී සොකරෝස් විසින් ලබා ගනු ලැබීය.

මෙහිදී මෙසී ආජන්ටිනාවේ හිටපු ජනප්‍රිය ඩියේගෝ මැරඩෝනාගේ වාර්තා බිඳ දැමීමට සමත්විය. මෙසී සිය වෘත්තීය ජීවිතය තුළ ගෝල 789 ක් ලබා ඇති අතර දෙසැම්බර් මස 18වන දින පැවැත්වෙන ලෝක කුසලානය ඔහුගේ පස්වන සහ අවසාන ලෝක කුසලානය වනු ඇත. එය දිනාගැනීම ඔහුගේ අවසන් බලාපොරොත්තුව බව කියැවේ.

අර්ධ අවසන් පූර්ව තරගය වෙනුවෙන් එළැඹෙන සිකුරාදා දින ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය තරඟ වදින අතර 2014 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේදී පසු ඔවුන් හමුවන මුල්ම අවස්ථාව මෙයයි. එහිදී ආර්ජන්ටිනාව විසින් දඬුවම් පහර 4-2ක් ලෙස ජය ගැනීමට සමත් විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි