×

Listvyazhnaya පතලේ ඛේදවාචකය

2016 දී බලධාරීන් එරටේ ගල් අඟුරු පතල් 58 ක ආරක්ෂාව තක්සේරු කළ අතර ඉන් 34% ක් අනාරක්ෂිත බව ප්‍රකාශ කළහ. එම ලැයිස්තුවට එකල Listvyazhnaya පතල් ඇතුළත් නොවූ බව රුසියානු වාර්තා පවසයි.


පසුගියදා රුසියාවේ සිදුවූ දරුණුතම පතල් ව්‍යසනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 52 දෙනෙකු මිය ගොස් ඇති බව එරට පුවත් වාර්තා කරයි. මෙම සිද්ධිය බ්‍රහස්පතින්දා දින වාතාශ්‍රය විකෘති වූ ගල් අඟුරු මිශ්‍ර දූවිලි ගිනි ගැනීමත් සමඟ රුසියාවට අයත් සයිබීරියානු පතළ දුමෙන් පිරීමත් සමග 11 දෙනෙකු මිය සිදු විය.

එදින රාත්‍රිය වන විට, අතුරුදහන් වූ පතල් කම්කරුවන් රැසක් මුදවා ගැනිම සඳහා ඒ වෙත ළඟා වීමට අසාර්ථක මෙහෙයුමක් දියත් කරන්නට විය.

එය ඛේදවාචකයක් බවට පත් වූයේ, බේරාගත් කිහිප දෙනෙකු පසුව හුස්ම හිරවීමෙන් මිය යාමත් සමගයි.මොස්කව් නගරයට නැගෙනහිරින් කිලෝමීටර් 3,500ක් පමණ ඔබ්බෙන් වූ කෙමරෝවෝ ප්‍රදේශයේ, ලිස්ට්ව්‍යාෂ්නායා (Listvyazhnaya)පතලේ සිටි පුද්ගලයන් 285 දෙනාගෙන් බහුතරයක්, සිද්ධියෙන් පසුව, පළා ගියහ.

සිදුවීමෙන් 49 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බලධාරීහු පවසහි.. ඔවුන්ගෙන් සමහරෙකුට දුම් විෂ වී ඇති අතර, සිව් දෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පැවසේ.සිදුවීමෙන් පසු පතල් කම්කරුවන් බොහෝ දෙනෙකුට පැන යාමට නොහැකි වු අතර, පතල තුළ භයානක ලෙස මීතේන් මට්ටම් ඉහළ යාමත් සමඟ ගලවා ගැනීමේ මෙහෙයුම් අත්හිටුවීමට සිදු වූ අතර, ඉන් සිදුවිය හැකි පිපිරීම් පිලිබඳ අවධානය යොමු විය.

නිල මරණ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇත.නමුත් බ්‍රහස්පතින්දා දින මාධ්‍ය මූලාශ්‍ර පැවසුවේ , මුළු ගලවා ගත් පුද්ගලයින් හය දෙනෙකු ඇතුළුව මියගිය සංඛ්‍යාව 50 කට වඩා වැඩි වී ඇති බවත්ය.

2004 දී මීතේන් වායුව පිපිරීමකින් 13 දෙනෙකු මිය ගොස් ඇත.2016 දී බලධාරීන් එරටේ ගල් අඟුරු පතල් 58 ක ආරක්ෂාව තක්සේරු කළ අතර ඉන් 34% ක් අනාරක්ෂිත බව ප්‍රකාශ කළහ. එම ලැයිස්තුවට එකල Listvyazhnaya පතල් ඇතුළත් නොවූ බව රුසියානු වාර්තා පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි