×

දකුණු දිග නේපාලයේ සුළි සුළඟක්..

මේ වන විටත් මෙම අනතුර නිසා 31 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත.


දකුණු දිග නේපාලයේ ඇතිවූ හදිසි සුළි සුළගක් සහ වර්ෂාව හේතුවෙන් ලක්ෂයකට අධික ජනතාවක් දැඩි අසීරුතාවට පත්ව තිබේ. මේ වන විටත් මෙම අනතුර නිසා 31 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇත. දකුණු නේපාලයේ ප්‍රදේශ කිහිපයක් වන බාරා සහ පරාස් ඇතුළු කත්මණ්ඩු නගරයට කිලෝමීටර් 120ක් දුරින් පිහිටි ප්‍රදේශ වලට උදාවී ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය නිසා 400ක් පමණ දෙනා තුවාල ලබා ඇත.

සුළග හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි සහ මාර්ග රැසකට සිදුව ඇති හානි නිසා සියලු කටයුතු අඩාල වී ඇති බවට අගමැකි කඩ්ගා ප්‍රසාද් ඔලි විසින් සිදු කළ ප්‍රකාශයේ සදහන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි