×

ට්‍රස්ගේ කැබිනට්ටුවේ ඉහළම තනතුරු මෙන්ම ඉහළම රැකියා සිය මිත්‍රයන්ට

ට්‍රස් මහත්මියගේ නව කැබිනට් මණ්ඩලය ප්‍රථම වරට අද (09)දින රැස්වනු ඇත.


එක්සත් ජනපදයේ නව අග්‍රාමාත්‍යලෙස පත්වූ ලීස් ට්‍රස් රජයේ ඉහළම තනතුරු සිය මිත්‍රයන්ට ලබා දෙමින් සිටින ව වාර්තා වේ.
එනම් ක්වාසි ක්වාර්ටෙන්ග් චාන්සලර් ලෙසත්, ජේම්ස් ක්ලෙවර්ලි විදේශ ලේකම් ලෙසත්, සුවාලා බ්‍රේවර්මන් ප්‍රීති පටෙල්ගෙන් ස්වදේශ කටයුතු ලේකම් ලෙසත් වැඩ භාරගෙන ඇත. ට්‍රස් මහත්මියගේ සමීපතම මිතුරියක් වන තෙරේස් කොෆී නව සෞඛ්‍ය ලේකම් සහ නියෝජ්‍ය අගමැති වේ. කැබිනට් මණ්ඩලයේ නම් අතර ඩොමිනික් රාබ් ද වන බව වාර්තා වේ. වෙන්ඩි මෝර්ටන් පාර්ලිමේන්තු විනය භාරව කටයුතු කරන අතර, පළමු කාන්තා කොන්සර්වේටිව් ප්‍රධාන සංවිධායකවරිය බවට පත් වේ. ඩොරීස් සංස්කෘතික ලේකම් ධූරයට පත් කර ඇත.

හිටපු ජාත්‍යන්තර වෙළඳ ලේකම් පෙනී මොර්ඩාන්ට් පාර්ලිමේන්තුව හරහා රජයේ නීති සම්පාදනය කිරීම සහතික කරන කාර්යය වන පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ නායකයා ලෙස පත් කර ඇත.

ට්‍රස් මහත්මියගේ මුල් ආධාරකරුවෙකු වන ජේකබ් රීස් මොග්, ව්‍යාපාර, බලශක්ති සහ කාර්මික උපායමාර්ග ලේකම් ලෙස පත් කර ඇති අතර, සයිමන් ක්ලාක් මෙන්ම ඈන් මාරි ට්‍රෙවේලියන් වෙනුවෙන්ද ඉහළ තනතුරු පිරිනමා ඇත.
රනිල් ජයවර්ධන ජෝර්ජ් යුස්ටිස් වෙනුවට පරිසර ලේකම් ලෙස පත් කරන ලද අතර බ්‍රැන්ඩන් ලුවිස්ට අධිකරණ ලේකම් ධුරය හිමිවන අතර නදීම් සහාවි චාන්සලර් තනතුරෙන් ඉවත්ව අන්තර් රාජ්‍ය සබඳතා සහ සමානාත්මතා අමාත්‍ය ධුරයටපත්කර තිබේ. යුක්රේනයේ ගැටුමට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රශංසා ලබා ගත් ආරක්ෂක ලේකම් බෙන් වොලස් රඳවා ගත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.

ට්‍රස් මහත්මියගේ නව කැබිනට් මණ්ඩලය ප්‍රථම වරට අද (09)දින රැස්වනු ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි