×

කොරෝනා කාලේ බොලිවියාවේ කැපෙන සමූහ මිනීවළවල්

එරට බලධාරීන් විසින් කොවිඩ් හමුවේ කඩා වටෙන ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් යුතුව සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කිරීම නිසාද මෙසේ වසංගතයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ යයි ඇතැම්හු විග්‍රහ කරති.


බොලිවියාවේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් හට ගන්නා මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, බොලිවියාව පුරා සුසානභූමි වල සමූහ මිනීවළවල් කපෙමින් පවතින බවට වාර්තා වෙයි. ඒ කොරෝනා වසංගත තත්වය නිසා මරණයට පත් පුද්ගලයින් භූමිදානය කිරීම සඳහා ය.

මෙම දකුණු ඇමරිකානු රාජ්‍යය පුරා කොරෝනා වසංගතයේ නව රැල්ලක් හටගෙන පවතින අතර, මේ වන විට ආසාදිතයින් 35,000 පමණ වාර්තා වී තිබේ. මරණයට පත් සංඛ්‍යාව 1,200 ලෙස සටහන් වේ.

මෙම සංඛ්‍යා අසල්වැසි රාජ්‍යයන් වූ පේරු, චිලී සහ බ්‍රසීලයට සාපේක්ෂව අඩු වුවද, නව අසාදන වාර්තා වීමේ සුලභාතවේ වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙන බව විද්වත්හු පෙන්වා දෙති.

බොලිවියාවේ ඇතැම් කලාප වල පවතින දුර්වල සෞඛ්‍ය පහසුකම් මීට හේතු වී ඇති බවට සඳහන්.

මධ්‍යම බොලිවියාවේ නගරයක් වන කොචම්බාබා හි වාර්තාගත කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව අනෙකුත් කලාප වලට සාපේක්ෂව ඉතා ඉහළ බවට පැවසෙන අතර, ට්‍රක් රථ හා බැකෝ යන්ත්‍ර විසින් සුසනභූමි වල සමූහ මිනීවළවල් කපන අයුරු එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම සමූහ මිනීවළවල් කපන සුසානභූමි අවට ජීවත් වන ජනතාව බියෙන් හා කණස්සල්ලෙන් පසුවන්නේ ඔවුනට මේ හරහා වෛරසය අසාදනය වීමේ අවදානමක් ඇති පෙන්වා දෙමිනි.

බොලිවියාවේ ජනගහනය මිලියන 11.7 වන අතර, එරට පළමු වරට කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ඉකුත් මාර්තු 10 වන දිනයි.

එරට බලධාරීන් විසින් කොවිඩ් හමුවේ කඩා වටෙන ආර්ථිකය ගොඩගැනීමේ අරමුණින් යුතුව සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කිරීම නිසාද මෙසේ වසංගතයේ වර්ධනයක් පෙන්නුම් කර තිබේ යයි ඇතැම්හු විග්‍රහ කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි