×

ආගමට අපහස කළ බවට චෝදනා මත පකිස්ථානයේ සංචාරකයෙකු පුළුස්සා දමයි

අපහාස කිරීම පකිස්ථානයේ වඩාත් සංවේදී විෂයයක් ලෙස පවතින අතර එහිදී චෝදනා කිරීම් පවා පුලුල් ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකිය.


සටහන: සශිකලා මධුෂාණි, ජුනි 22,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුර්ආනය අපකීර්තියට පත් කළ බවට චෝදනා මත 36 හැවිරිදි පන්ජාබ් හි සියල්කොට් හි සංචාරකයෙකු පාකිස්තානයේ වයඹ දිග Khyber Pakhtunkhwa ප්‍රාන්තයේදී ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඇති බව වාර්තා වේ.

මෙම පුද්ගලයා මධ්‍යාන්හි පොලිස් භාරයේ සිටියදී විශාල පිරිසක් රැස්ව එම පරිශ්‍රයට පහර දී පොලිස් ස්ථානයට සහ පොලිස් වාහනවලට ගිබි තබා එම පුද්ගලයා රැගෙන ගොස් ඇති අතර ඔහු ඝාතනය කළේ කෙසේද යන්න අපැහැදිලි ය.

මේ සම්බන්ධයෙන් ස්වාට් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සහීඩ් උල්ලා ඛාන් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි.

ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයකට අනුව, තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ගන්දාපූර් පළාත් පොලිස් ප්‍රධානියාට නියෝග කර ඇති අතර සිද්ධිය පිළිබඳ වහාම වාර්තාවක් ඉල්ලා තිබේ.

අපහාස කිරීම පකිස්ථානයේ වඩාත් සංවේදී විෂයයක් ලෙස පවතින අතර එහිදී චෝදනා කිරීම් පවා පුලුල් ප්‍රචණ්ඩත්වයට තුඩු දිය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි