×

Lockscreen Widgets විශේෂාංගයත් සමඟ එන iOS 16, සියළුම පරිශීලකයන්ට නිකුත් වන දවස…

පෙරේදා දින පැවති Apple Keynote හීදී iPhone 14 එලිදක්වන අවස්ථාවේ දීද iOS 16 Update එ​ක ගෝලීය වශයෙන් සියළුම පරිශීලකයන්ට නිකුත් කරන දිනය ප්‍රකාශයට පත් නොකළේය.


පසුගිය ජූනි මාසයෙදී පැවති WWDC 2022 හිදී iOS 16 පිළිබඳව ප්‍රකාශයට පත් කල දින සිට මේ දක්වා Apple සමාගම මේ වන තෙක් beta updates 14ක් නිකුත් කර ඇත.

සමාගම පෙරේදා දින පැවති Apple Keynote හීදී iPhone 14 එලිදක්වන අවස්ථාවේ දීද iOS 16 Update එ​ක ගෝලීය වශයෙන් සියළුම පරිශීලකයන්ට නිකුත් කරන දිනය ප්‍රකාශයට පත් නොකළේය. නමුත් ආරංචිමාර්ග පවසන්නේ එම Update එ​ක ලබන සතියේ සදුදා දිනයේදී නිකුත් කරන බවයි.

පෙර updates මෙන්ම මෙයද නොමිලේ සිදු කරන යාවත්කාලීන කිරීමක් වනු ඇත.

ජූනි මාසයෙදී පැවති WWDC 2022 හිදී iOS 16 හදුන්වාදීම සිදු කරනු ලැබුවේ Craig Federighi විසින් වන තර ඔහු විසින් ආරම්භයේදීම පවසා සිටියේ මෙවර ඔවුන් විසින් iOS lock screen එක සඳහා වන විශාලතම update එකක් ලබා දෙනු ලබන අතර, ඒ හරහා විශාල පහසුකම් රාශියක් පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

iOS 16 Update එ​ක තුල විශාල වශයෙන් අතුරු මුහුණත් හි වෙනස් කිරීමක් සිදු කර නොමැති අතර, ඒ වෙනුවට පරිශීලකයන් විසින් පෙර ඉල්ලා සිටි බොහෝ විශේෂාංග රැසක් ඇතුලත් කර ඇත.

මෙම Update එ​කත් සමග iOS lockscreen එක මත ඇති widgets, notifications සඳහා වන වැඩිදියුණු කිරීම්, සහ තවත් නව විශේෂාංග රැසක් ඇතුලත් කිරීමට Apple සමාගම කටයුතු කර ඇත. මේ තුල නව ආරක්ෂක සහ පෞද්ගලිකත්​ව විශේෂාංග රැසක්ද ඇතුලත් වේ.

iOS 16 හරහා lock screen එකේ සිදු කරන ලද තවත් ප්‍රධානතම වෙනස්කමක් ලෙසින් හැදින්විය හැක්කේ Live Notification විශේෂාංගයයි. ඒ හරහා notifications හරහා සජිවීව තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ලබා දී තිබේ. ඒ සඳහා Apple සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයන් වෙත Live Notifications API නමින් පහසුකමක්ද හදුන්වාදීම සිදු කෙරුණි.

iOS 16 සමඟ අනුකූල වන iPhone මාදිලි,

iPhone 8 and 8 Plus
iPhone X
iPhone XS and XS Max
iPhone XR
iPhone 11
iPhone 11 Pro and Pro Max
iPhone 12 and 12 mini
iPhone 12 Pro and Pro Max
iPhone 13 and 13 mini
iPhone 13 Pro and Pro Max
iPhone SE (2nd and 3rd gen)
iPhone 14 and 13 Plus
iPhone 13 Pro and Pro Max



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි