×

ලන්ඩන් බ්‍රිජ් ප්‍රහාරය ත්‍රස්තවාදියෙකුගේ වැඩක්! – ලන්ඩන් පොලිසිය තහවුරු කරයි.

තවද මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා, මීට පෙර ත්‍රස්තවාදී ප්‍රහාරයකට වරදකරු වී සිරෙන් නිදහස් වූ තැනැත්තෙකි. උස්මාන් ඛාන් නමැති ප්‍රහාරකරු 28 හැවිරිදි අයෙකු වූ අතර,  ඔහු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මරණයට පත් විය. උස්මාන් ඛාන් ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් වරදකරු බවට පත් කර තිබුණේ 2012 වසෙර්දී ය. ඒ, අල්කයිඩා සංවිධානය විසින් සැලසුම් කළ බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙනි. […]


තවද මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා, මීට පෙර ත්‍රස්තවාදී ප්‍රහාරයකට වරදකරු වී සිරෙන් නිදහස් වූ තැනැත්තෙකි.

උස්මාන් ඛාන් නමැති ප්‍රහාරකරු 28 හැවිරිදි අයෙකු වූ අතර,  ඔහු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මරණයට පත් විය.

උස්මාන් ඛාන් ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් වරදකරු බවට පත් කර තිබුණේ 2012 වසෙර්දී ය. ඒ, අල්කයිඩා සංවිධානය විසින් සැලසුම් කළ බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙනි.

පසුව 2018 දෙසැම්බරයේදී බලපත්‍රයක් මත සිරෙන් නිදහස් කළ අතර, එහිදී ඉලෙක්ට්‍රොනික ටැගයක් පැළඳීමට එකඟ වෙමින් සිය යාම් ඊම් කටයුතු අධීක්ෂණය කිරීමට බලධාරීන්ට ඉඩ ලබාදීමට ද එකඟ වී තිබිණි.

උස්මාන් ඛාන් ජීවත් වූ ස්ටැෆර්ඩ්ෂයරය මේ වන විට ලන්ඩන් මෙට්‍රොෙපොලිටන් පොලිසියේ සෝදිසියට ලක් වේ.

28-year-old Usman Khan
උස්මාන් ඛාන්, 2012 වසරේදී සිරගත කරන ලද අවස්ථාවේදී ගනු ලැබූ ඡායාරූපයකි.Image copyright – WEST MIDLANDS POLICE

තවමත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර, උස්මාන් ඛාන් හැර වෙනත් සැකකරුවෙකු දැනට මේ සිද්ධියට සම්බන්ධ යැයි පෙනී නොයන බව ද පොලිසිය ප්‍රකාශ කරයි.

ප්‍රහාරය ඊයේ සිදුවූයේ ලන්ඩන් බ්‍රිජ් හි ෆිෂ්මොන්ගර්ස් ශාලාවේදී ය. එය ලන්ඩනයේ ඓතිහාසික සලකුණ වශයෙන් සැලකෙන ලන්ඩන් බ්‍රිජ් හි උතුරු දිග කෙළවරයි. එම ශාලාවේ එම අවස්ථාවේදී සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳව කේම්බ්‍රිජ් සරසවියේ සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබිණි.

සැකකරු මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී ඇති බව පැවසේ. මෙම අවස්ථාව සඳහා ශිෂ්‍යයන් මෙන්ම අතීතයේ සිරකරුවන් ලෙස ගත කළ අය ද ගණනාවක් සහභාගි වී තිබේ.

@Metro

ප්‍රහාරයෙන් මිය ගිය අය

මෙම ප්‍රහාරයේදී කාන්තාවක් සහ පුරුෂයෙක් මිය ගොස් තිබේ. තවත් කාන්තාවන් දෙදෙනෙක් සහ පුරුෂයෙක් සිදුවීමේදී තුවාළ ලැබූහ. ඔවුන් රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්වය බරපතළ බව ද වාර්තා වේ.

Map of the scene
Presentational white space

ප්‍රහාරකයා දණ ගස්වා තිබෙන්නේ මහජනතාව

මෙම සිදුවීමේදී මහජනතාව විසින් දැක්වූ ධෛර්යය අගමැති බොරිස් ජොන්සන් සහ කම්කරු නායක ජෙරමි කෝබින්ගේ අගැයීමට ලක් විය.

ඊයේ දිනයේ සමාජ ජාලවල සංසරණය වූ වීඩියෝ වලින් දැක්වුණේ මෙම ප්‍රහාරකයා මර්දනය කිරීමට ඒ අවට සිටි ජනතාව මැදිහත් වූ ආකාරයයි.

එහිදී එක් පුද්ගලයෙක් ප්‍රහාරකයා අත තිබූ පිහිය උදුරාගෙන දිව යාමේ ත්‍රාසජනක සහ අවදානම් සහගත පුවතක් ද වාර්තා විය.

සිද්ධිය හටගත් ෆිෂ්මොන්ගර්ස් ශාලාවේ බිත්තියේ සවිකර තිබූ නර්වාල් මත්ස්‍ය අඟක් ගළවා ගත් අයෙක් (මෙය ආයුධයක් ලෙස භාවිතා කළ හැකිය) ප්‍රහාරකයා සමග සටන් කිරීම සඳහා සැරසුණු ආකාරය ද සිද්ධිය ඇසින් දුටු අය විසින් බීබීසී පුවත් සේවය සමග විස්තර කර තිබේ.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි