×

මධ්‍යතන යුගයට අයත් ලුවෙස් චෙස් ඉත්තෙකු ඩොලර් 929,000 ට වෙන්දේසි කෙරේ

මෙම ඉත්තන් සියල්ලන්ම නිම වී ඇත්තේ ඇත් දළ වලිනි.


ලොව සුප්‍රසිද්ධ චෙස් ඉත්තා ලෙස සැළකෙන ලුවෙස් වෝර්ඩර් පසුගියදා ඇමරිකානු ඩොලර් 929000කට වෙන්දේසි විය.

එය සුප්‍රසිද්ධ ලුවෙස් චෙස්මෙන් කට්ටලයේ එක් ඉත්තෙක් ලෙස සැලකේ. එහි අයිතිකරු මෙම ඉත්තා මිලට ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් 6කටය. ඒ 1964 වසරේදීය.
අගල් 3.5ක් වන මෙම ඉත්තා දකුණු අතින් කඩුවක් ගත් වම් අතින් පළිහක් ගත් ආකාරයට සකසා ඇති අතර එය චෙස් ක්‍රීඩාවේදී භාවිත කරන රුක් නම් ඉත්තාට සමාන ඉත්තෙකි.


මධ්‍යතන යුගයට අයත් ලෝක ප්‍රසිද්ධ ලුවෙස් චෙස් ඉත්තන්ගෙන් එක් අයෙක් ලෙස මෙම ඉත්තා හදුනාගෙන ඇත. 12 වන ශතවර්ෂයට පෙර නොර්වේ රාජ්‍යයේදී මේවා කැටයම් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ . මෙම ඉත්තාට සමාන තවත් ඉත්තන් 93ක් 1831 දී සොයා ගැනැණු අතර ඉන් 82ක් මේ වන විට තබා තිබෙන්නේ ලන්ඩනයේ පිහිටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේය.තවත් ඉත්තන් 11 දෙනෙකු ස්කොට්ලන්තයෙහි එඩින්බර්ග් කෞතුකාගාරයේ තබා ඇත.

මෙම ඉත්තන් සියල්ලන්ම නිම වී ඇත්තේ ඇත් දළ වලිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි