×

ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්!

ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පුද්ගලයන් 30,000කට නිවාස වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.


රෂිකා හෙන්නායක , ජනවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ලැව්ගිනි හේතුවෙන් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් පුද්ගලයන් 30,000කට නිවාස වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මෙම පියවර ගෙන ඇත්‍තේ, ගින්නෙන් නිවාස හා මෝටර් රථ කිහිපයකට හානි සිදුවීමත් සමගයි. පැය කිහිපයක් තුළ ලැව් ගිනි අක්කර 10ක සිට අක්කර 2900කට වැඩි ප්‍රදේශයකට පැතිර යාමත් සමඟ ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.

ගින්න හේතුවෙන් ගොඩනැගිලි 13,000කට පමණ තර්ජන එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, පැයට කිලෝමීටර් 80ක වේගයෙන් සුළං හැමීම හේතුවෙන් ලැව්ගිනි ශීග්‍රයෙන් ව්‍යාප්ත වන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි