×

“Monkeypox” හේතුවෙන් ලොස් ඇන්ජලීස් වල පළමු මරණය වාර්තා වේ.

(12) වන දින ප්‍රකාශ කළේ Monkeypox වෛරසය හේතුවෙන් එම ප්‍රදේශයේ පළමු මරණය තහවුරු කර ඇති බවත්


වර්තමානය වන විට monkeypox නැතිනම් වඳුරු පැපොල සුලබ ව පැතිර යමින් පවතී. ඒ අතර අද දින එක්සත් ජනපදයේ දෙවන මරණය ද වාර්තා වී ඇත.

ලොස් ඇන්ජලීස් මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳුදා එනම් (12) වන දින ප්‍රකාශ කළේ Monkeypox වෛරසය හේතුවෙන් එම ප්‍රදේශයේ පළමු මරණය තහවුරු කර ඇති බවත්, එම පුද්ගලයා දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත කර ඇති බවත් ය.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසූවේ මෙම මරණය Monkeypox නිසා සිදුවූවක් බවට එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන සමඟ එක්ව තීරණය කර ඇති බවයි.

Nipuni liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි