×

අඳුරු ලොවට ආලෝකය ගෙන ආ මිනිසා ලුවී බ්‍රේල්

ලුවී විසින් බ්‍රේල් ක්‍රමය සොයා ගැනීමට පෙර පැවතියේ පොඟවා ගන්නා ලද කඩදාසි වලින් අකුරු මතුවී පෙනෙන ක්‍රමයකි. එහෙත් මෙම පොත් කියවීම ඉතා දුෂ්කර කාරියකි. අසීරුවෙන් එසේ කිය වූවද තම අදහස් ලිවීමේ හැකියාවක් ඔවුන්ට නොවීය.


ලුවී බ්‍රේල් 1809 ජනවාරි 04 වන දා ප‍්‍රංශයේ පැරිස් නුවර දී උපන් ලුවි බ්‍රේල් උපත ලබන්නේ දෑස් හොදින් පෙනෙන දගකාර මෙන්ම හුරුබුහුටි දරුවෙන් ලෙසයි. නමුත් ඔහුගේ දගකාරකම නිසාම ඔහුට සිය දෑස්වල පෙනීම අහිමි වනිනේ ඔහු ඉතා කුඩා වයසේදීමයි. සෙල්ලම් කරමින් සිටියදී උල් ආයුධයක් ඇසෙහි වැදීමෙන් ඔහු ගේ දෑස් තුවාල වන අතර ඊට ප‍්‍රතිකාර සදහා යොදාගත් ඖෂධ හේතුවෙන් ඔහුගේ දෑසම නොපෙනී යන්නේ අවාසනාවටයි.

කුඩා කල සිටම ඉතා ධෛර්යවන්තයෙක් වූ ඔහු දෑස නෙපෙනුනද අධ්‍යාපනය හදාරන්නට ඉතා කැමැත්තෙන් සිටි දරුවෙකි. ඒ නිසාවෙන්ම සිය සහෝදරියන්ද සමග වසර දෙකක් යන තෙක්ම ඔහු යන්නේ පංතියේ පාඩම් වලට ඇහුම්කන්දී ඉගෙන ගැනීමටයි.

නමුත් ඔහුගේ මෙම ක්‍රමය ඔහු වැඩි වියට එළැඹේත්ම අසාර්්ථක වන්නේ සියළු පාඩම් ඇහුම්කන්දී මතක තබා ගැනීම එතරම්ම පහසු කාර්යයක් නොවීම හේතුවෙනි. ඔහුගේ පාසැල් ගමන නතර වීමට එය හේතුවක් විය.

නමුත් අධ්‍යාපනයක් නොලැබ නිවසට වී සිටීමට ඔහු කිසිදු ලෙසකික් කැමැත්තක් නොවූයෙන් 1819 දී එනම් ඔහුට වයස අවුරුදු දහයක් වන විට එකල ප‍්‍රංශයේ තිබූ එකම දෘශ්‍යාබාධිත පාසල වූ පැරිසියේ පිහිටි Royal Institute for the blind අන්ධ පාසලට ඇතුළු වූයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටයි.

අලුත් පාසැලට අනුගත වීම ලුවී සිතූ තරම් පහසු කාර්යයක් නොවීය මන්ද මෙම පාසලේදී අන්ධ දරුවන්ට උගන්වනු ලැබුවේ ප‍්‍රායෝගික විෂයන් වුණු හම් වැඩ , රෙදි විවීම , කූඩ තැනීම , කඹ ඇඹරීම සහ ගෙතීම යනාදියයි. එසේ කෙරුනේ අන්ධ දරුවන්ට ලිවීමේ සහ කියවීමේ මාධ්‍යයක් එකල නිසි පරිදි නොතිබීම හේතුවෙනි. ඔවුන්ට මෙවැනි දෑ පමණක් ඉගැන්වූයේ.

ලුවී විසින් බ්‍රේල් ක‍්‍රමය සොයා ගැනීමට පෙර පැවතියේ පොඟවා ගන්නා ලද කඩදාසි වලින් අකුරු මතුවී පෙනෙන ක්‍රමයකි. එහෙත් මෙම පොත් කියවීම ඉතා දුෂ්කර කාරියකි. අසීරුවෙන් එසේ කිය වූවද තම අදහස් ලිවීමේ හැකියාවක් ඔවුන්ට නොවීය.

මේ ගැන සිතමින් සිටි බ්‍රේල්ට අලුත් අත්දැකීමකට මුහුණ දෙන්නට සිදු විය. අඳ මිනිසුන්ගේ ලෝකය වෙනස් කළ නව සොයා ගැනීමට පසු බිම සැළසෙන දිනක් උදාවිය. එනම් දිනක් මෙම පාසලට චාල්ස් බාර්බියර් නමැති ප‍්‍රංශ ජාතික නාවික භටයා ගේ පැමිණීමයි. නාවිකයන් රාති‍්‍ර කාලයේදී පණිවුඩ හුවමාරු කර ගන්නා රහස්‍ය ක‍්‍රමයක් අන්ධ පුද්ගලයන්ටද භාවිතා කළ හැකි බවට ඔහු විසින් අදහසක් දැක්වීය. මෙය තිත් දොළහක් උපකාරී කරගෙන කරන සන්නිවේදන ක‍්‍රමයකි. ඔහු හඳුන්වා දුන් ඒ ක‍්‍රමය අන්ධ විදුහල අත්හදා බැලුවද එය පහසුවෙන් ඇඟිලි තුඩුවලට ග‍්‍රහණය කර ගත නොහැකි විම නිසා සිතූ තරම් සාර්ථක නොවීය. නමුත් ලුවී බ්‍රේල් ලිවීමට හා කියැවීමට තිබූ ආශාව නිසාම මෙම ක්‍රමය ගැන නැවත නැවතත් සිතන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස තිත් දොළහක් වෙනුවට තිත් හයකින් යුත් නව ක‍්‍රමයකින් 63 ආකාරයකට හැඩයන් ඇති ප‍්‍රංශ හෝඩිය සහ විරාම ලක්ෂණ ද පිළියෙළ කෙරිණි. ප‍්‍රංශ හෝඩියේ” w” අකුර නොමැති අතර ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි ලුවී එම අකුරු ද සකස් කළේය. ලුවීගේ මේ නව ක‍්‍රමය ඉතා ඉක්මනින් ජනපි‍්‍රය වන්නට පටන් ගත්තේය.


බ්‍රේල් තමන් විසින් නිර්මාණය කරනු ලැබූ බ්‍රේල් ක‍්‍රමය තව දුරටත් දියුණු කළ අතර එය ලොව ප‍්‍රථම බ්‍රේල් අත්පොත ලෙසින් මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්කේ 1829 වර්ෂයේදියි .

ගුරුවරයකු ලෙස සේවය කිරීමතමන් සිප් සතර හැදෑරූ පාසලේම ගුරුවරයකු ලෙසින් කටයුතු කරන්නට බ්‍රේල් සමත් විය 1838 වන විට ලොව ප‍්‍රථම බ්‍රේල් මාධ්‍යයෙන් ලැයැවුණ පොත වූ ප‍්‍රංශ ඉතිහාසය ඇතුළත් පොත නිකුත් මුද්‍රණය කෙරිණි.
ඉතා වෙහෙසවී වැඩ කළ ලුවී බ්‍රේල් අවාසනාවන්ත ලෙස ක්ෂය රොගියෙක් බවට පත්වන්නේ මේ කාල වකවානුවෙදීය. ඔහුගේ සෞඛ්‍යය තත්ත්වයද එන්න එන්නම පිරිහෙන්නට පටව් ගත් අතර පාසලෙන් තාවකාලිකව අස්වීමට ඔහුට සිදු විය. ලුවී තම උපන්ගම් පියස වූ කැප්රේ බලා ගියේ ඒ හේතුවෙනි.

1843 දී නැවත සේවය පිණිස පාසලට පැමිණියේය. නමුත් බ්‍රේල් නොසිතූ පරිදි අවාසනාවන්ත ලෙස බොහෝ දෑ වෙනස් වී තිබුණි. බ්‍රේල් විසින් සකසන ලද පතපොත විනාශ කර දමා තිබුණු අතර පාසල තුළ බ්‍රේල් ක‍්‍රමය භාවිතා කිරීම ද තහනම ට ලක්ව තිබු අතර පාසලේ සිටි ළමයින්ගේද උප විදුහල්පති තුමාගේ දැඩි ඉල්ලීම නිසා නැවතත් බ්‍රේල් ක‍්‍රමය භාවිතයට රජයේ බලධාරීන්ට සිදු විය.

කෙසේ වෙතත් ඒ සදහාද සිය උපරිම සහය ලබා දුන් බ්‍රේල්ගේ සෞඛ්‍ය තත්ත්වය නැවතති බරපතල වන්නට පටන් ගත්තේය. තද බල ලෙස නැවතත් රෝගා තුර වුණු ඔහු 1853 ජනවාරි 6 වැනිදා සඳහටම දෑස පියා ගත්තේය.

ලුවී අදටද ලෝකයට වීරයෙකි නමුත් අද මෙන්ම එදාද සමාජයේ සිටි දෑස් පෙනන ඇතැමුන්ගේ ප්‍රතිවිරෝධයන් හේතුවෙන් ලුවී බ්‍රේල් වීඍයෙන් ලෙස සළකා ඔහු කළ සේවය ප්‍රශංසා කරන්නට පෙළඹුණ කිසිවෙක් නොවීය. සිටියානම් ඒ අන්ධ මිනිසුන්ම පමණි. ඔහු අවාසනාවන්ත ලෙස දෑස් පියා ගත් පසු 1854 දී ලුවී විසින් හඳුන්වා දෙනු ලැබූ ලිවීමේ කියවීමේ ක‍්‍රමය ‘බ්‍රේල් ක‍්‍රමය ‘ ලෙසින් හඳුන්වන්නැයි කියා ප‍්‍රංශ රජය ට බල කර සිටින්නට අන්ධ ජනයාට සිදු විය. ලුවී බ්‍රේල් මිය ගොස් වසර සියයක් ගිය තැන එනම් 1952දී ලෝ පුරා වෙසෙන දෘශ්‍යාබාධිත ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ එකම ලිඛිත මාධ්‍ය බවට පත්ව තිබුණේ මෙම බ්‍රේල් ක‍්‍රමයයි. ඒ අනුව 1952 දී නැවතත් ලුවී බ්රේල්ගේ මළ සිරුර ගොඩ ගෙන ,පැරිසියේ පිහිටා ඇති වීරයන් මිහිදන් කරන සොහොන් බිමෙහි එයද මිහිදන් කරන්නට ප‍්‍රංශ රජය කටයුතු කළේ ඔහුට හිමි විය යුතු නිසි ගෞරවය පුද කිරීමේ අදහසිනි. අදටද තාක්ෂණයේ දියුණවත් සමග විවිධ උපකරණ හදුන්වා දී තිබුණද අන්ධ ජනතාවට සිය අදහස් කොලයක ලියා දක්වන්නට හැකි එකම ක්‍රමය වන්නේ බ්‍රේල් ක්‍රමයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි