×

Low Budget Android දුරකතන සඳහා Android 13 Go Edition

වසර ගණනාවක් තුළ තම පාරිභෝගිකයන් වෙත නැවුම් වූ අත්දැකීම් රාශියක් ලබාදෙමින් නව තාක්ෂණික විශේෂාංග සමග ඉදිරියට ඇදෙන Google සමාගම විසින් පසුගි​දා Android 13 නිකුත් කිරීම සිදු කෙරුණි. එලෙසෙ නිකුත් කළ Android 13 හි Go Edition එකක් ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව Google සමාගම නිවේදනය කර ඇති අතර එලෙස නිකුත් කරනු ලබන Go Edition එක […]


වසර ගණනාවක් තුළ තම පාරිභෝගිකයන් වෙත නැවුම් වූ අත්දැකීම් රාශියක් ලබාදෙමින් නව තාක්ෂණික විශේෂාංග සමග ඉදිරියට ඇදෙන Google සමාගම විසින් පසුගි​දා Android 13 නිකුත් කිරීම සිදු කෙරුණි.

එලෙසෙ නිකුත් කළ Android 13 හි Go Edition එකක් ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව Google සමාගම නිවේදනය කර ඇති අතර එලෙස නිකුත් කරනු ලබන Go Edition එක Low Budget දුරකථන ඉලක්ක කොට ගෙන නිර්මාණය කරනු ලබන බව ද ඔවුන් සඳහන් කර සිටී.

Go Edition යන සංකල්පය කෙටියෙන් හැඳින්වීමේ දී මෙය අවම මට්ටමේ Storage ඇති මිලෙන් අඩු දුරකථන සඳහා Android අත්දැකීමක් ලබා දීම උදෙසා නිර්මාණය කරන ලද්දකි. එසේම මෙය 2015 වසරේ ප්‍රථම වරට එළිදක්වන ලද අතර මේ වන විට ලොව පුරා විශාල Android දුරකථන පරිශීලකයන් ප්‍රමාණයක් මෙම Go Edition භාවිතා කිරීම සිදුකරයි.

ගෙවීගිය වසර වන විට Go Edition හරහා පරිශීලකයන් මිලියන 180 කට අධික ප්‍රමාණයක් යොදාගෙන ඇති අතර එමගින් මෙම Go Edition මිලෙන් අඩු දුරකථන සඳහා වෙන් වූවත් එහි පවතින ගුණාතමකභාවය පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැක.

මෙලෙස ඉදිරියේදී නිකුත් කරනු ලබන Android 13 Go Edition තුළින් තම පරිශීලකයන් වෙත නව අත්දැකීමක් ලබා දීමට සූදානම් වන අතර එමගින් Google විසින් වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ පරිශීලකයාගේ දුරකථනයේ කල් පැවැත්ම සහ භාවිතා කිරීමේ පහසුව වැඩි කිරීමටයි.

එලෙසම Google Pay සඳහා ඇති Updates ලබාදීම සඳහා ද අවස්ථාව සලසා ඇත. එසේම ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන Android Updates පවා මෙම Go Version එක හරහා ලබා දීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම Android 13 Go Edition ඉදිරියේදී නිකුත් කිරීමෙන් පසුව එම යෙදවුම සහිතව නිපදවූ දුරකථන ඉදිරි වර්ෂයේ දී එනම් 2023 වසරේ දී නිකුත් කිරීමට නියමිත බවයි.

SOURCE: ANDROID.COM



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි