×

බ්‍රසීලයේ වාමාංශිකයාගේ පළමු සංචාරය වොෂින්ටනයට; බ්‍රසීලය හා එක්සත් ජනපදය අතර ද්වී පාර්ශවීය සබඳතා නැවත ඇතිවනු ඇත.

ලූලාගේ සංචාරය ශේෂයෙන් ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන සම්බන්ධයෙන් බ්‍රසීලයේ ස්ථානය නැවත ලබා ගැනීමට උත්සාහ දැරීමක් වනු ඇත.


බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික පාලක ජෙයාර් බොල්සොනාරෝගේ අධිකාරය බිඳ දමමින් පසුගිය ඔක්තෝම්බර් මාසයේ බලයට පත්වූ වාමවාදී බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා අද (10)දිනයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වල මන්දිරයේදීහමුවනු ඇති බව වාර්ථා වේ.

මෙය බ්‍රසීල ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණයෙන් පසු පළමු නිල සංචාරය වන අතර, මෙමඟින් බ්‍රසීලයට නව යුගයක් උදාවනු ඇතැයි විශ්ලේෂකයන් දක්වා තිබේ.

බොල්සොනාරෝ හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාක්ෂිකයෙකු වූ අතර, ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වනු ලැබීය. බොහෝ විට ට්‍රම්ප් අනුකරණය කිරීම හේතුවෙන් බොල්සනාරෝ “නිවර්තන ට්‍රම්ප්” ලෙසද හැඳින්විනි.

එක්සත් ජනපදයේ 2020 ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතරුව බොල්සනාරෝ එය මැතිවරණ වංචාවක් වශයෙන් හැඳින්වීමත් සමඟ දෙරට අතර ආතතීන් උත්සන්න විය.

ලූලාගේ සංචාරයත් සමඟ බිඳ වැටුණු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට බ්‍රසීලයට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ. ඒ අනුව ලූලාගේ සංචාරය ශේෂයෙන් ගෝලීය දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටන සම්බන්ධයෙන් බ්‍රසීලයේ ස්ථානය නැවත ලබා ගැනීමට උත්සාහ දැරීමක් වනු ඇත.

ඒ අනුව අද දිනයේ ද්වී පාර්ශවීය සාකච්ඡා අතර බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක්සත් ජනපදයේ නොසැලෙන සහයෝගය සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරටට අඛණ්ඩව එක්ව කටයුතු කළයුත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා වන අතර දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම, ආහාර සුරක්ෂිතතාව ආරක්ෂා කිරීම, ආර්ථික සංවර්ධනය දිරිගැන්වීම, සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ කලාපීය සංක්‍රමණය කළමනාකරණය කිරීම ඇතුළුව දෙපාර්ශවයටම බලපානු ලබන වැදගත් මාතෘකා රැසක් අද දිනයේ සාකච්ඡා වීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි