×

ශ්‍රි ලාංකේය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ගායිකා මාතාංගනී (M.I.A) ට මහ රැජිනගෙන් ගෞරව සම්මාන

ඈ වසර 30ක් තිස්සේ බ්‍රිකාන්‍ය රැජින වෙනුවෙන් මෙවැනි සම්මාන සදහා පදක්කම මසන්නියකගේ දියණියි.


බ්‍රිතාන්‍ය මහ රැජිනගේ උපන් දිනය වෙනුවෙන් මෙවර විවිධ ක්ෂේත්‍රයන් ගේ නියැලෙන පුද්ගලයින් 1000කට අධික ප්‍රමාණයක් සදහා ගෞරව පුද කිරීමට සූදානමින් සිටී.

ඔවුන්ගෙන් බෙහොමයක් දෙනා තමන් අයත් ප්‍රජාව වෙනුවෙන් මෙන්ම තමන් නියැලෙන ක්ෂේත්‍රය වෙනුවෙන් මෙහෙවරක් කළ අයයි.

ඔස්කාර් සම්මාන ලාභී ඔලිවියා කොල්මන්, ජැක් රීචර්, ජොආනා ට්‍රොල්ප් ආදී සුප්‍රසිද්ධ චරිත රැසක්ම මෙම ගෞරව සම්මාන හිමි ලැයිස්තුවේ සිටින අතර ශ්‍රී ලංකේය සම්භවයක් ඇති MIA නමින් එංගලන්තය තුළ සුප්‍රසිද්ධව සිටි රැප් ගායිකා මාතාංගනී අරුල්ප්‍රගාසම්ද ඒ අතර වෙයි.

සිය නම බ්‍රිතාන්‍ය මහ රැජින විසින් සම්මානයට පුදකරන පුද්ගල නම් ලැයිස්තවේ ඇති බව දැන ගත් ඇය සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ


” මෙලෙස ගෞරවයට පාත්‍ර වීමට ලැබීම පිළිබදව ගෞරව කරමි. මෙහි පැමිණි දා මගේ මව පැය ගණනාවක් වැය කරමින් ඇය කරමින් සිටින මෙහෙවර මම ගෞරවයෙන් සිහිපත් කරමි. රැජින සදහා පදක්කම් මසන පිරිස අතරේ සිටින කාන්තාවන් දෙදෙනාගෙන එක් අයෙක් වන මගේ මව එම රැකියා තෝර ගත්තේ ඉංග්‍රීසි කථා නොකරන සාමාන්‍ය කම්කරුවෙක්ට තෝරා ගත හැකි එකම රැකියාව වූ නිසයි. වසර 30ක් තිස්සේ ඇය මෙවැනි පදක්කම් දහස් ගණනින් මසන්නට ඇත. ඇයගේ දියණිය එවැනි පදක්කමක් පලදන්නට යන මෙහොතේ ඇය තමන් කළ රැකියාව වෙනුවෙන් බෙහෝ සෙයින් සතුටට පත් වනු ඇත‍

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලාංකිය රැප් ගායිකාවක වන මාතාංගනී ගේ මව 1986 වසරේදී මාතාංගනීගේ මව ශ්‍රි ලංකාව හැර යන්නේ ලංකාවේ පැවති වාර්ගික යුද්ධයේදී හෙම්බත් වී සරණාගතයින් ලෙසිණි. ඇය උපන්නේ ලන්ඩනයේ වුව ඉන් පසු ලංකාවට පැමිණ වයස අවුරුදු 10වන තුරුම ශ්‍රි ලංකාවේ ජීවිතය සොයමින් සිටි සිය දමිළ මවු පියන් සමග දුක් බර ජීවිතයක් ගත කළාය.

රැප් ශිල්පිනියක, ගායිකාවක මෙන්ම ගීත රචිකාවක ලෙසද රැකියාව කරන ඇය ගීත ඇල්බමයන් 05ක් මේ වන විට නිකුත් කරමින් M.I.A නමින් එංගලන්තය තුළ තමන් වෙත වේදිකාවක් තනා ගනිමින් සිටින්නීය.
සෑම වසරකම බ්‍රිතාන්‍ය මහ රැජිනගේ උපන්දිනයදා පිරි නැමෙන ගෞරව සම්මානයන් අතරේ M.B.E.හෙවත් Member of the Most Excellent Order of the British Empire සම්මානය ඇයට හිමි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි