×

තවත් මැසිඩෝනියාවක් එපා! – ග්‍රීක මැසිඩෝනියානුවන් වීදි සටන්වල

යුරෝපයේ මැසිඩෝනියාව‘‘උතුරු මැසිඩෝනියා ජනරජය‘‘ යනුවෙන් නිල වශයෙන් නම වෙනස් කිරීමට විරෝධය පළ කරමින් ග්‍රීසියේ වැසියෝ කලහකාරී ලෙස හැසිරෙමින් සිටිති.


ඔවුහු ඇතන්ස් අගනුවර පිහිටා තිබෙන ග්‍රීක පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව සඳහා රඳවා තබා තිබූ ආරක්ෂක භටයන් හට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණහ.

කලහකාරීන් සන්සිඳුවීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාර ද එල්ල කිරීමට සිදුවිය.

The Epoch Times
The Epoch Times

ඔවුන් පවසන්නේ මැසිඩෝනියාව යන නාමය භාවිතා කළ හැක්කේ ග්‍රීකයන්ට පමණක් බවයි.

‘‘හැම දෙයක්ම ඉවරයි. ඒත් අපි ආවෙ අපේ යුතුකම ඉෂ්ට කරන්න“ යැයි උද්ඝෝෂණයට එක් වී සිටි ග්‍රීක කාන්තාවක් ප්‍රකාශ කළාය.

RTE
RTE

දකුණු දිග යුරෝපයේ පිහිටි රටක් වන මැසිඩෝනියාව නෝටෝ සංවිධානයට සහ යුරෝපා සංගමයට සම්බන්ධ කර ගැනීමට වසර 28 ක් තිස්සේ පැවති නීතිමය බාධාව වූයේ, ග්‍රීසියේ ද මැසිඩෝනියාව යනුවෙන් භූමි භාගයක් පැවතීමයි. නේටෝ සංවිධානයේ මහලේකම්, මැසිඩෝනියානු අගමැති හා ග්‍රීක අගමැති යන අදාළ නායක පාර්ශවයන් විසින් මෙම තීරණය රටේ ප්‍රගමනයට හේතු වන බවට ප්‍රශංසා කර තිබුණත් පෙනෙන්නට තිබෙන්නේ රටේ වැසියන් මේ පිළිබඳ මහත් අප්‍රසාදයෙන් පසුවන බවයි. මේ වසරේ ජූනි මාසයේ අදාළ ගිවිසුම ද අත්සන් කිරීමට නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි