×

මැසිඩෝනියාවේ නම වෙනස් වෙයි!

එ්, රටේ නම වෙනස් කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම මගිනි. ඒ අනුව මැසිඩෝනියාවේ නම, ඉදිරියේදී, ‘‘උතුරු මැසිඩෝනියා ජනරජය‘‘ හෝ ‘‘උතුරු මැසිඩෝනියා සමූහාණ්ඩුව‘‘ (Republic of North Macedonia) යනුවෙන් වෙනස් වනු ඇත.


එ්, රටේ නම වෙනස් කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුමත කිරීම මගිනි. ඒ අනුව මැසිඩෝනියාවේ නම, ඉදිරියේදී, ‘‘උතුරු මැසිඩෝනියා ජනරජය‘‘ හෝ ‘‘උතුරු මැසිඩෝනියා සමූහාණ්ඩුව‘‘ (Republic of North Macedonia) යනුවෙන් වෙනස් වනු ඇත.

ඒ සඳහා අවශ්‍ය කරන 2/3 ක බහුතර බලය දිනාගැනීමට අගමැති සොරාන් සායෙව් (Zoran Zaev) යන්තමින් සමත් වූ බව විදෙස් වාර්තා ප්‍රකාශ කරයි.

සුපුරුදු පරිදි මේ සඳහා විරුද්ධපක්ෂ ජාතිවාදීන්ගෙන් ප්‍රබල විරෝධයක් එල්ල විය.

පාර්ලිමේන්තුවට පිටතින් රැස්ව සිටි විපක්ෂ හිතවාදී විරෝධතාකරුවන් මෙම ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී උද්ඝෝෂණය කළේ රටක නම වෙනස් කිරීම ‘‘දේශද්‍රෝහී ක්‍රියාවක්‘ බව පවසමිනි.

නම වෙනස් කරන්නේ ඇයි?

මෙසේ නිල නාමය වෙනස් කිරීම මගින් මැසිඩෝනියාවට ග්‍රීසිය සමග වසර 27 ක් මුළුල්ලේ පවතින අර්බුදයක් විසඳා ගැනීමට හැකියාව ලැබේ.

ග්‍රීසිය සමග පවතින අර්බුදය වන්නේ, ග්‍රීසිය තුළ ද මැසිඩෝනියාව නමින් ඉතිහාසයේ පටන් වෙනම භූමි භාගයක් පැවතීමයි.

මැසිඩෝනියාවේ තීරණය ග්‍රීසිය විසින් සාදරයෙන් භාරගෙන තිබේ. ඒ අනුව ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්රස් (Alexis Tsipras) සහ මැසිඩෝනියානු අගමැති සොරාන් සායෙව් අතර ජූනි මාසයේදී ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිත ය.

මෙමගින් මැසිඩෝනියාවට නේටෝ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ සාමාජිකත්වය සඳහා පැවති නීතිමය බාධාව ඉවත් වේ.

නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් (Jens Stoltenberg) ද මැසිඩෝනියාවේ තීරණයට ප්‍රශංසා කර ඇත. ඔහු පවසන්නේ කලාපයේ ස්ථාවරත්වය සහ සෞභාග්‍යය සඳහා මෙම තීරණය හේතුවනු ඇති බවයි.

සැප්තැම්බර් මාසයේ පැවති ජනමත විචාරණයේදී මැසිඩෝනියානුවන්ගෙන් 90% ක් ද මෙම නම් වෙනස් කිරීම ට පක්ෂය ඡන්දය ලබාදී තිබිණි. නමුත් ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය ඉතා අඩු එකක් වූ නිසා, එම ප්‍රතිඵල පසුව අවලංගු වූ බව කියැවිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි