×

Machu Picchu නම එය නොවෙයිලු

මචු පික්චු යනු 15 වන සියවසේ ඉන්කා බලකොටුවක් වන අතර එය දකුණු පේරු හි නැගෙනහිර කෝඩිලෙරා හි උසින් මීටර් 2,430 (අඩි 7,970) ක කඳු මුදුනක පිහිටා ඇත.


 

 

 

Machu Picchu යනු දශක ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින් විසින් අධ්‍යයනය කර ඇති පූර්ව-කොලොම්බියානු ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයකි.ඓතිහාසික නගරයකි.

සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා සංචාරක ගමනාන්තයක්  වන මෙය ලොව සුප්‍රසිද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි.නමුත් පසුගියදා එළිදක්වනන්ට යෙදුණු නව ශාස්ත්‍රීය පත්‍රිකාවක් තර්ක කරන්නේ එය සියවසකට වඩා වැඩි කාලයකට පෙර සිටම ස්ථානීය හඳුන්වාදීම වැරදි නමින් හදුන්වා දී ඇති බවයි.

පේරු ඉතිහාසඥයෙකු  ප්‍රමුඛ එක්සත් ජනපද පුරාවිද්‍යාඥයෙකු තර්ක කරන්නේ මෙම යුනෙස්කෝ ලෝක උරුම අඩවියේ එදවස විසූ ඉන්කා වැසියන් විසින් හුවානා පික්චු(Huayna Picchu) ලෙස මෙම ස්තානය හඳුන්වනු ලැබූ බවයි .එය “නටඹුන් දෙස බලන කඳු මුදුනක“ නම ලෙස අර්ථකතනය වූවකි.Journal of Andean Archeology , සඟරාවට අදාලව Donato Amado Gonzales සහ Illinois Chicago විශ්ව විද්‍යාලයේ Brian S Bauer විසින් ප්‍රකාශයට පත් කරන ලද ඔවුන්ගේ පත්‍රිකාව පෙන්වා දෙන්නේ,  19 වන සියවසේ සිතියම් සහ 17 වන සියවසේ ලේඛනවල තොරතුරු  මත ස්ථාන නාම ගවේෂණය කළ බවයි. එක්සත් ජනපද හිටපූ ප්‍රකට  ගවේෂක හිරාම් බිංග්හැම්ගේ මුල් ක්ෂේත්‍ර සටහන් හි මෙම  ඉන්කා බලකොටුවේ නූතන සොයාගැනීම්  මචු පික්චු ලෙස  සඳහන් කර නොමැත.

ඉන්කා අධිරාජ්‍යයා වූ Pachacutec සතු මෙම ස්තානය   1911 දී  ගවේෂක Bingham විසින් හඳුනාගන්නට විය.මෙම නව පර්යේෂකයන් දෙපළ සොයා ගත් පරිදි, ගවේෂක බිංගම් ,පේරු වෙත පැමිණීමට වසර හතකට පෙර 1904 ප්‍රකාශයට පත් කරන ලද සිතියමක Huayna Picchu නම් ඉන්කා නගරයේ නටබුන් පිළිබඳව සඳහන් වේ.

මචු පික්චු යනු 15 වන සියවසේ ඉන්කා බලකොටුවක් වන අතර එය දකුණු පේරු හි නැගෙනහිර කෝඩිලෙරා හි උසින් මීටර් 2,430 (අඩි 7,970) ක කඳු මුදුනක පිහිටා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි