×

නේටෝ සමුළුවට ප්‍රථම මැක්‍රෝන් ට්‍රම්ප් හමුවට

මෙවර නේටෝ සමුළුව එළඹෙන දෙසැම්බර් 04 වන දින ලන්ඩනයේදී පැවැත්වීමට නියමිතය.


එළඹෙන් දෙසැම්බර් 04 වන දිනට යෙදීමට නියමිත නේටෝ සමුළුවට ප්‍රථම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට නියමිත බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගිය දින රාත්‍රියේ ය. 

සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ සඳු දින රාත්‍රියේ ට්‍රම්ප් මහතා සමඟ අති සාර්ථක දුරකතන සංවාදයක නියැළුන බවත්, සිරියාව, ඉරානය හා නේටෝ සංවිධානය පිළිබඳ ගැටළු සාකච්ඡාවේ යෙදුන බවත් ය. ඒ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ බොහෝ එකඟතාවන් ට පැමිණි බව සඳහන් කළ ප්‍රංශ ජනාධිපතිවරයා නේටෝ සමුළුවට ප්‍රථම ඔහු හමුවීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප්‍රකාශ කළේය.

නේටෝ සමුළුව යනු ලොව රාජ්‍ය නායකයින් සහ නේටෝ සාමාජික රටවල රජයේ ප්‍රධානීන් සන්ධාන ක්‍රියාකාරකම් ඇගයීම හා උපාය මාර්ගික මග පෙන්වීම් සමාලෝචනය සඳහා කාලීනව රැස්වන හමුවකි. මෙකී සමුළුව නේටෝ සාමාජික රටවල සන්ධාන තීරණ ගැනීමේ ක්‍රියාවලියේ ඉහළම මට්ටමේ වැදගත් සන්ධිස්ථානයකි. නව ප්‍රතිපත්තින් හඳුන්වාදීමට, නව සාමාජිකයින්ට සන්ධානගත වීම සඳහා ආරාධනා කිරීමට, ප්‍රධාන නව මුල පිරීම් දියත් කිරීමට සහ නේටෝ නොවන රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනැගීමට බොහෝ විට මෙකී සමුළු භාවිතා භාවිතා වේ.

මෙවර නේටෝ සමුළුව එළඹෙන දෙසැම්බර් 04 වන දින ලන්ඩනයේදී පැවැත්වීමට නියමිතය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි