×

මැක්‍රොන්ගේ ආන්ඩුව විශ්වාසභංගයෙන් බේරෙයි

ඡන්ද විමසීම් දෙකම අසාර්ථක වීමත් සමඟ විශ්‍රාම යන වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත නීතියක් වනු ඇත.


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආණ්ඩුව විසින් විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් දැරිය නොහැකි බවට තර්ක කරමින් විශ්‍රාම වැටුප් ලබන වයස අවුරුදු 64 දක්වා දීඝ කිරීමට එරෙහිව දින ගණනාවක් පුරා ප්‍රංශයේ ඇවිලී ගිය විරෝධතාවයන්ට සමඟාමීව රජයට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංගයන් පරාජය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව හරිත පක්‍ෂය සහ සමාජවාදී පක්‍ෂය ඇතුළු වාමාංශික පක්‍ෂ කිහිපයක් එක්ව ගෙන ආ මුල් විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 278ක් හා විපක්ෂව ඡව්ද 287ක් ලැබී තිබේ. අනතුරුව අන්ත දක්ෂිණාංශික ජාතික රැලි පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද දෙවන විශ්වාසභංග යෝජනාව ද සම්මත නොවී ඇති අතර එය සාර්ථක වූයේ නම්, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට නව රජයක් නම් කිරීමට හෝ නව මැතිවරණයක් කැඳවීමට සිදුවනු ඇත.

කෙසේ නමුත් ඡන්ද විමසීම් දෙකම අසාර්ථක වීමත් සමඟ විශ්‍රාම යන වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ නැංවීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පත නීතියක් වනු ඇත.

කෙසේ නමුත් රජයට විරුද්ධව කෝපාවිෂ්ඨ වී ඇති විරෝධකරුවන් හා පොලීසිය අතර ඇතිව ඇති ගැටුම් වලින් පසු පුද්ගලයන් 101 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි