×

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ලිඳකට වැටීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු මිය යයි

යාඥා උත්සවයක් අතරතුර අඩි 30ක් පමණ ගැඹුරු ළිඳකට ඉහළින් වූ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සිටගෙන යාඥා කරමින් සිටියදී එය කඩා වැටීම හේතුවෙන් අවම වශයෙන් පුදුගලයන් 35 දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.


ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් නගරයේ රාම් නවමි හින්දු උත්සවය නිමිත්තෙන් බෙලේෂ්වර් මහාදේව් ජුලෙලාල් කෝවිලේ සංවිධානය කර තිබූ යාඥා උත්සවයක් අතරතුර අඩි 30ක් පමණ ගැඹුරු ළිඳකට ඉහළින් වූ කොන්ක්‍රීට් ලෑල්ලක් මත සිටගෙන යාඥා කරමින් සිටියදී එය කඩා වැටීම හේතුවෙන් අවම වශයෙන් පුදුගලයන් 35 දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

ප්‍රාන්ත සහ ජාතික ආපදා ප්‍රතිචාර බලකායන් ඇතුළු 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතුරුදන්වූ පුද්ගලයා සොයා ගලවා ගැනීමේ කටයුතුවල නිරතවන අතර අනතුර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ටුවිටර්හි සඳහන් කර තිබුණේ අනතුර සම්බන්ධයෙන් තමා අතිශය කම්පාවට පත්වූ බවත්, විපතට පත් වූවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ලබා දෙන බවත්ය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි