වර්ග කි. මී. 1613 ක විශාලත්වයකින් යුක්ත මහාලේ කදුකර වනෝද්‍යානය කරුණු කිහිපයක් හේතුවෙන් විවිධ ලෙස කථා බහට ලක් වන්නේය.
අප‍්‍රිකාව යනු චින්පන්සීන්ට වාසය කිරීමට සුදුසු වනාන්තර කිහිපයක්ම ඇති රටකි. මහාලේ යනු චිම්පන්සීන්ගේ රක්ෂිත ප‍්‍රදේශ වලින් ඉතා සුප්‍රසිද්ධම ස්ථානයකි. එමෙන්ම පා ගමනින් ගොස් නැරඹිය යුතු අප‍්‍රිකාවේ ඇති අතළොස්සක් වූ වනෝද්‍යාන අතරට මහාලේ කදුකර වනොද්‍යානයද අයත් වේ.මෙම වනෝද්‍යානයට පිවිසීමට මාර්ග හෝ වෙනත් ක‍්‍රම නොමැති අතර පිවිසිය හැකි එකම ක‍්‍රමය වන්නේ ටැංගනිකා විල ඔස්සේ බෝට්ටු මගින් පැමිණිමයි.
ස්වභාව සෞන්දර්යය අතින්ද සුවිශේෂ ස්ථානයක් හිමිකර ගන්නා මෙම වනාන්තය තුළ චිම්පන්සීන් 1000 කට ආසන්න ප‍්‍රමාණයක් හදුනා ගත හැකි වේ. වැසි වනාන්තර, තණ බිම්, කඳුකර උණ ගස්, සහ වන ලැහැබ් වැනි වනාන්තර ලක්ෂණ වලින් සමන්විත වන මහාලේ නැරඹීමට යායුත්තේ වසරේ මැයි සහ ඔක්තෝබර් අතර කාලයේදී යි.. චිම්පන්සීන්, කහ බැබුන්, සයිකීස් වඳුරන්, රතු වලිගය සහිත වඳුරන්, සැවානා වඳුරන්, කොලබස් වඳුරන් ගැලගෝ ආදී වදුරු විශේෂ කිහිපයකටම මේ වනාන්තරය නිවස වී ඇත.
පරිණාමවාදය පිළිබදව සිදු කරන පර්යේෂණ බොහොමයක් සිදු කිරීමට මෙන්ම චිම්පන්සීන් ඇතුළු අනෙකුත් වානර විශේෂවල චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා මහාලේ වනෝද්‍යානය යොදා ගනු ලබයි. ච්ම්පන්සීන් අප්‍රිකාවේ මෙම වනෝද්‍යානයේ සහ ගෝම්බි ගංගාවට යාබදව පිහිටි ගෝම්බි ස්ටී‍්‍රම් ජාතික වනෝද්‍යානයේද දැක ගත හැකි වෙයි.
චිම්පන්සීන් හැරුණු විට වනාන්තර සහ සැවානා භූමියේ යෝධ ලේනුන්, කළු සුදු ඇන්ගෝලා කොලබෝ සහ ඩික් ඩික්ට සමාන කුඩා ඇන්ටිලෝප් විශේෂයක් වැනි ක්‍ෂීරපායින්ද දැක ගත හැකියි. ඒ හැරුණු විට අලින්,කුළු හරකුන් ,සිංහයින් දිවියන් සහ වෙනත් බොහෝ විශේෂ වල වඳුරන්ද එහි වාසය කරයි. පක්ෂීන් ප‍්‍රිය කරන්නන්ටද ඒ සඳහා අගනා ස්ථානයක් ලෙස මහාලේ කඳුකර ජාතික වනෝද්‍යානය පෙන්වා දිය හැකියි.