×

සමරිසි විවාහයන් සහ කේවල මාපියන් ගැන මහාරාශ්ඨ්‍රයේ පාසැල් විෂය මාලාවට

.



පාසැල් දරු දැරියන් සදහා සමරිසි විවාහයන් මෙන්ම කේවල භාරකාරත්වය පිළිබදව දැනුවත් වීම සදහා එකී විෂයන් පාසල් විෂය මාලාවට ඇතුලත් කිරීමට මහාරාෂ්ඨ්‍රයේ අධ්‍යාපන බලධාරීන් විසින් තීරණය කර ඇත.පසුගිය වසරේ සැප්තැම්බරයේ ඉන්දීය අධිකරණය විසින් සමරිසි සම්බන්ධතා යනු අපරාධ වරදක් නොවන බවටත් එය නීතිවිරෝධී නොවන බවටත් තීරණය කිරීමත් සමග මෙම තීරණය ගන්නා ලද බව බලධාරීන් ගේ මතයයි.

එමෙන්ම මේ වන විට සමරිසි සහ සංක්‍රාන්තී ලිංගික ප්‍රජාව සම්බන්ධව මෙතෙක් පැවති සීමාවන් සහ බාධක ඉන්දියාව තුළ අවම වෙමින් පවතින්නේය.

මහාරාෂ්ඨ්‍රය පාසැල් සිසුන් සදහා ස්ත්‍රී පුරුෂ සමානාත්ම තාවය පිළිබදව දරුවන් සදහා ඉගැන්වීමට නිවස තුළ ඉවුම් පිහිමු කිරීමට ගැහැණය මෙන්ම පුරුෂයාද දායක වන ආකාරය, ගැහැණයට ඕනෑම රැකියාවක් කිරීමට හැකි ආකාරය දෙවන වසර සිට සිසුන්ගේ විශය මාලාවට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම 11 පන්තියේ සිසන් සදහා ඔවුන්ගේ සමාජ විද්‍යා විෂයට අදාලව ගැහැණු පිරිමි විරුද්ධ ලිංගිකයන්ට අමතරව සමලිංගික ප්‍රජාව පිළිබදවද දැනුම ලබා දීමට කටයුතු කර ඇත.එමෙන්ම සාමාන්‍ය පවුලක් යනු මව පියා දරුවන් සහිත පවුලක් පමණක් නොව සමරිසි මාපියන් සහිත පවුල් මෙන්ම කේවල භාරකාරත්වය ද පවුලෙහි එක් ප්‍රභේදයක් බව තොරතුරු ඇතුලත් කර ඇත. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවට අමතරව සංස්කෘතික දෙමුහුම්කරණය පිළබදවද ඉගෙනීමට දරුවන්ට අවස්ථාව සළසා දී ඇත‍.


මහාරාෂ්ඨ්‍රය යනු ඉන්දියාවේ කුලභේදය දැඩිව පවතින මෙන්ම සාම්ප්‍රදායකත්වයට වැඩි තැනක් දෙන පිරිසක් සිටින ප්‍රාන්තයක් වුවද අධ්‍යාපන බලධාරීන් විසින් ගන්නා ලද මෙම පියවර ඉතා ප්‍රභල බව එරට මානව හිමිකම් සංවිධාන පවසයි.මේ පිළිබදව විස්තර දක්වන හිංදුස්ථාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ මෙතෙක් ඉන්දියාව තුළ සිය ලිංගික අනන්‍යතාව පිළිබදව පැහැදිලි අදහසක් විවෘතව ප්‍රකාශ කළ නොහැකි වූ කිසිවෙකුටත් මින් ඉදිරියට එසේ නොවනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි