×

ඉන්දියාවේ මෛත්‍රි සේතු පාලම විවෘත ​වේ

මෙසේ දෙරට අතර ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමෙන් ඉන්දියාවේ බංග්ලාදේශයට කරන අපනයන සියයට 172 කින් සහ බංග්ලාදේශයේ ඉන්දියාවට කරන අපනයන සියයට 297 කින් ඉහළ යා හැකි බව ලෝක බැංකු වාර්තාව අඟහරුවාදා නිකුත් කළේය.


ඉන්දියාව සහ බංග්ලාදේශය නව ආර්ථික හා සාමාජිය අපෙක්ෂාවන් රැසක්අපෙක්ෂාවෙන් ඉදිකල මෛත්‍රි සේතු පාලම පසුගියදා ඉන්දිය අගමැති නරොන්ද්‍ර මොදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරනි.
කිලෝ මිටර් 1.9 ක් දිග මෙම පාලම ෆෙනි ගංඟාවට ඉහලින් ඉදි කරන්නට විය.ඉන්යි රුපියල් කෝටි 133ක් වැය කර ඉදි කල මෙම පාලම දෙරටේ   මිත්‍රත්වය ශක්තිමත් වනවා පමණක් නොව ව්‍යාපාර සඳහා ද ශක්තිමත් සම්බන්ධතාවක් ඇති වන බවයි අගමැති නරොන්ද්‍ර මොදි සඳහන් කලේ.විඩියෝ තාක්ෂණය  ඔස්සේ මෙම අවස්තාව සහා දෙරටේ නායකයින් දෙලම එක්ව සිටියහ.ඉන්දියාවේ ත්‍රි පුර ප්‍රාන්තයේ සිට  බංගලාදේශය දක්වා මෙම පාලම ඉදිව තිබේ.මෙම පාලම ඉන්දියාවේ සබ්රූම් සහ බංග්ලාදේශයේ රාම්ගාර් නගර සම්බන්ධ කරයි.
මයිත්‍රි සේතු හි වැඩ කටයුතු 2017 ජුනි මාසයේදී ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අරමුදල් සපයන ලද්දේ මධ්‍යම රජය විසිනි.දැන් රාම්ගාර් සිට වාහනවලට මෙම මාර්ගයෙන් කිලෝමීටර් 80 ක් පමණ ඈතින් පිහිටි චිතගොං වරායට යා හැකිය. එමෙන්ම විකල්පයක් ලෙස, රාම්ගාර් සිට කෙනෙකුට චිතගොං වරායට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ජල මාර්ග වුවද භාවිතා කළ හැකිය.
පසුගිය අඟහරුවාදා නිකුත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව, මේ වන විට ඉන්දියානු ට්‍රක් රථවලට බංග්ලාදේශය හරහා ගමන් කිරීමට අවසර නොමැති අතර, එමඟින් ඊසානදිග ඉන්දියාව විශේෂයෙන්ම රටේ සෙසු ප්‍රදේශවලින් හුදෙකලා වි ඇත. එය සම්බන්ධ වන්නේ කිලෝමීටර් 27 ක් පළල සිලිගුරි කොරිඩෝව හරහා වන අතර එය chicken’s neck ලෙසද හැඳින්වේ.
මෙසේ දෙරට අතර ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමෙන් ඉන්දියාවේ බංග්ලාදේශයට කරන අපනයන සියයට 172 කින් සහ බංග්ලාදේශයේ ඉන්දියාවට කරන අපනයන සියයට 297 කින් ඉහළ යා හැකි බව ලෝක බැංකු වාර්තාව අඟහරුවාදා නිකුත් කළේය.බංගලාදේශය නැගි එන ඉන්දිය ආර්ථිකය අත් හැරිමට සුදානමක් නොමැති අතර, ලබා ගත හැකි ආර්ථික වාසිය හිමි කර ගැනිමට සිය  දේශ සිමා ගැටලු මේ මොහොතේ පසෙක දමා තිබේ.
 


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි