×

Airbnb, HSBC ඇතුළු ලොව ප්‍රමුඛ වෙබ් අඩවි රැසක් බිඳ වැටිලා!

ශ්‍රී ලංකාවේ ලැගුම්හල් සේවාවන් අතර ප්‍රචලිත Airbnb සහ HSBC බැංකුව ඇතුළු ලෝකයේ ප්‍රධාන වෙබ් අඩවි රැසක් ඊයේ දිනයේ හදිසි බිඳ වැටීමකට ලක් ව තිබේ.


British Airways සහ PlayStation network ද බිඳ වැටුණු වෙබ් අඩවි අතර වේ.

Barclays, Lloyds, TSB, සහ Halifax යන බැංකු සේවාන්ගේ වෙබ් අඩවි ද,
Steam, Call of Duty, and EA වැනි ජනප්‍රිය ගේමිං වෙබ් අඩවි ද,
Channel 4 සහ ITV හි ස්ට්‍රීමිං ද මේ අන්දමින් ඊයේ දිනයේ බිඳ වැටීම්වලට ලක් වී තිබිණි.

මෙහිදී මෙම වෙබ් අඩවි වෙත ප්‍රවේශවන්නන් හට DNS errors මැසේජ ලැබී තිබුණේ, ඔවුන් විසින් කරනු ලබන ඉල්ලීම් වෙබ් අඩවි වෙත ළඟා නොවන බව පෙන්නුම් කරමිනි.

යුරෝපයේ සහ ඇමරිකාවේ ඇතැම් වෙබ් අඩවි ඉක්මනින් යථා තත්වයට පත් වුවත්, ආසියාවේ මෙම වෙබ් අඩවිවල භාවිතාව සම්බන්ධයෙන් තවදුරටත් ගැටළු පැවතිණි.

DNS හෙවත් Domain Name System මගින් අප භාවිතා කරන සාමාන්‍ය ඩොට්කොම් ලිපිනයන් පරිගණක සර්වරය තුළ යම් ස්ථානයකට යොමු ව තිබේ. ඒ අනුව මෙම තාක්ෂණික බාධාව මගින් අදහස් කරන්නේ වෙබ් බ්‍රවුසරයට එම අන්තර්ගතය සොයාගත නොහැකි වන බවයි.

මාස දෙකක් ඇතුළත ලෝකය මුහුණ දුන්, ප්‍රධාන පෙළේ වෙබ් අඩවි බිඳ වැටීම්වල දෙවැන අවස්ථාව මෙයයි.

මීට පෙර ජූනි මාසයේදී ක්ලවුඩ් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක Fastly cloud computing provider හි සේවාව බිඳ වැටීම නිසා අන්තර්ජාතික පුවත් සහ රජයේ වෙබ් අඩවි රැසක් බිඳ වැටී තිබිණි.

පසුව සොයාගැනුණේ එක් පරිශීලකයෙක් විසින් සිදුකළ settings වෙනස්කිරීමක් නිසා සමස්ත පද්ධතියම බිඳ වැටීමට ලක් වූ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි