×

නත්තලට පෙර එක්සත් ජනපදයට ශීත කුණාටුවක් පිළීබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ඉදිරි සතිය තුළ ශීත කුණාටු තත්වයක් ඇතිවනු ඇතිවනු ඇති බවට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.


එක්සත් ජනපදයේ කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් ඉදිරි සතිය තුළ ශීත කුණාටු තත්වයක් ඇතිවනු ඇතිවනු ඇති බවට අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබේ.

තද හිම සහ වර්ෂාව, තද සුළං, වෙරළබඩ ගංවතුර, දරුණු ගිගුරුම් සහිත වැසි සහ කුණාටුවෙහි දකුණු පැත්තේ ටොනේඩෝ පවා ඇතිවීමේ අවදානමක් ඇතිවනු ඇති බව එහි සඳහන් වේ.


NBC පුවත් වාර්තාකර ඇත්තේ මේ වන විට උතුරු නිව් යෝර්ක් සිට මේන් දක්වා 144,000 පමණ පිරිසක් විදුලිය නොමැතිව සිටින බවයි.

මේන්, බටහිර සහ උතුරු-මැද නිව් යෝර්ක් ප්‍රදේශවල අධික හිම පතන තත්වයක් ඇතිව ඇති අතර උතුරු තැනිතලා ප්‍රදේශවලට 60F තරම් අඩු සුළං ශීතල ඇති විය හැකි බව ජාතික කාලගුණ ඒජන්සිය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි