×

කෘමීන්ගෙන් ප්‍රවේසම් වෙන්න, සීබ්‍රාගේ පැහැය ගන්න

අතීතයේ සිටම ගෝත්‍රික ජනතාව සිය මුහුණු මෙන්ම ශරීරයද ඒක වර්ණ මෝසතර වලින් සිරුර පුරා හැඩ ගන්වාගෙන සිටීමේ රහස


ස්‍රීබා කියන විට අපට මතක් වන එකම දෙය කළු සුදු ඉරි. වෙනත් සෑම සතෙක්ටම අසමාන වූ මේ අලංකාර සම නිසා සීබ්‍රාට ලැබෙන වාසි බෙහොමයි. කෘමි සතුන්ගේ සපා කෑම් වලින් බේරී ඉන්න පුළුවන් වීම සහ තමන්ගේ සතුරන් මුලාකිරීමට හැකි වීම ඒ අතරේ ප්‍රධානයි.

කෙසේ වෙතත් සීබ්‍රාට පමණක් නොව මිනිසාටද කෘමීන්ගෙන් බේරී සිටිනන්නට නම් සීබ්‍රා මෙන් සිරුර වර්ණ ගැන්වීමෙන් හැකි වන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

අතීතයේ සිටම ගෝත්‍රික ජනතාව සිය මුහුණු මෙන්ම ශරීරද ඒක වර්ණ මෝස්තර වලින් සිරුර පුරා හැඩ ගන්වාගෙන සිටීමේ රහස මෙය යැයි ද ඔවුන් පවසයි.

අප්‍රිකාවේ මෙන්ම පැපුවා නිවුගිනියාව, ඔස්ට්‍රෙලියාවේ ගෝතික ජනතාව අතර මෙම සාම්ප්‍රධායික සිරුර පුරා චිත්‍ර ඇදීමේ කලාව ආරම්භ වී ඇත්තේ ඔවුන් විසූ වනානන්තරවල වල කෘමීන්ගේ කරදර හේතුවෙනි.

Royal Society Open Science journal විසින් පළ කරන ලද මේ ආශ්‍රිත පර්යේෂණයේදී විවිධ ආකෘතීන් ඔවුන් විසින් භාවිත කර ඇත. විවිධ පුද්ගලයන් විවිධ වර්ණ ගන්වා කෘමීන්ට නිරාවරණය කර ඇත. එහිදී අවසන් නිරීක්ෂණය වී ඇත්තේ ඒක වර්ණ ඉරි සහිත ශරීර වලට වඩා තනි පැහැ වර්ණ වලින් යුත් සිරුරු වලට කෘමීන් ආකර්ෂණය වී ඇති බවයි. එමෙන්ම ලෘ පැහැය ට වඩා තද පැහැ සිරුරු වලට කෘමීන් ආකර්ෂණය වන ප්‍රතිශතයද වැඩිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි