×

නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුග දිවියට

මලාලා ඇගේ මංගල දිනයේ රන් එම්බ්‍රොයිඩර් සහිත රෝස පැ​හැ ගවුමක් ඇද සිටියාය.


නොබෙල් ත්‍යාගලාභීනියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි අඟහරුවාදා රාත්‍රියේ අසාර් මලික් සමඟ විවාහ වූ බව නිවේදනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

24 හැවිරිදි මලාලා යූසුෆ්සායි පාකිස්තානයේ අධ්‍යාපන ක්‍රියාකාරිනියක වන අතර ඉතිහාසයේ ලාබාලතම නොබෙල් සාම ත්‍යාගලාභිනිය වේ. ඇය 2012 දී වයඹදිග පකිස්ථානයේ තලේබාන් සංවිධානයේ හිසට වෙඩි තැබීමෙන් පසුව ජාත්‍යන්තර අවධානය දිනා ගත්තේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය සඳහා වන මූලික අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙනි.

“අද මගේ ජීවිතයේ වටිනා දිනයක් සනිටුහන් කරයි,” ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“අසර් සහ මම ජීවිතය සඳහා හවුල්කරුවන් වීමු. අපි අපේ පවුල් සමඟ බර්මින්හැම් හි නිවසේ කුඩා උත්සවයක් සැමරුවා,” ඇය නිවේදනය කළාය.

මලාලා විවාහ උත්සවයේ පින්තූර හතරක් බෙදාගෙන ඇති අතර, එහි ඇය තම සැමියා වන අසාර් සහ ඇගේ දෙමාපියන් වන සියාඋද්දීන් යූසුෆ්සායි සහ ටූර් පෙකායි යූසුෆ්සායි සමඟ පෙනී සිටිනු දක්නට ලැබුණි.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ අවශ්‍යතාවය පිළිබඳ කථාවක් කරන විට ඇයගේ වයස අවුරුදු 16 කි. මලාලා යූසුෆ්සායිට එල්ල වූ ප්‍රහාරය පාකිස්තානයේ පළමු අධ්‍යාපන අයිතිය පිළිබඳ නීතිය සම්මත කිරීමට පොළඹවන ලදී. ඇයගේ ප්‍රහාරය සහ එහි ප්‍රතිඵල ගැන ‘I Am Malala’ නමින් පොතක් ද ප්‍රකාශයට පත් කර තිබීම සිත්ගන්නා කරුණකි.

මලාලා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ඇත, නමුත් ලොව පුරා ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නියක වන අතර මෑතක ඇය ඇපල් සමාගමේ රැකියාවකටද ගියාය.

මලාලාගේ සැමියා අසර් මලික් Asser Malik පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සාමාන්‍යාධිකාරීවරයාය.

LUMS උපාධිධාරියෙකු වන Asser 2020 මැයි මාසයේදී මෙම තනතුරට පත්විය. පකිස්ථාන සුපර් ලීග ක්‍රිකට් කණ්ඩායමක් වන ‘මුල්තාන් සුල්තාන්ස්‘ හි අසර් මෙහෙයුම් කළමනාකරු ලෙසද කටයුතු කරයි. අසර් මින් පෙර ක්‍රීඩක කළමනාකරණ ආයතනයක් ද පවත්වාගෙන ගොස් ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි