කංසා, එසේත් නැතිනම් ගංජා, එසේත් නැතිනම් කැනබීස් වැවීම ලෝකයේ බොහෝ රටවලට තවම භයානක හීනයකි. නමුත් මැලේසියාව මේ කඩඉම ජයගෙන තිබේ.
ඒ අනුව මැලේසියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව වෛද්‍යමය හෝ පර්යේෂණ අරමුණු සඳහා කැනබීස් වගාකිරීම මැලේසියාවේදී දැන් නීත්‍යානුකූල ය.
මෙහිදී මැලේසියානු බලධාරීන් මේ ඉඩකඩ පාදා ගන්නේ අලුත් නීති ගෙන ඒම මගින් නොවීම විශේෂත්වයකි. ලොව පුරා ගංජා/කංසා හෝ මරිජුවානා වැනි මත් ශාක සඳහා ඇති වෙමින් තිබෙන ඉල්ලුම සහ එහි තිබෙන වෛද්‍යමය ප්‍රතිලාභ සලකා බලන මැලේසියානු සෞඛ්‍ය බලධාරීන් සිදුකරන්නේ, මේ සඳහා බලපාන නීති මැනවින් අධ්‍යයනය කර, පවතින නීති තුළින්ම ඉඩකඩ පාදා ගැනීමයි.
ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් දාතුක් සෙරි සුල්කිෆ්ලි (Datuk Seri Zulkifli) මෙසේ පවසයි. ‘‘1952 අන්තරායකර ඖෂධ පනත යටතේ වෛද්‍යමය සහ පර්යේෂණ අරමුණු සඳහා කැනබීස් වගා කිරීමට නීතියෙන් අවසරයක් තිබේ. නමුත් මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය.“
මෙහිදී බලධාරීන් ක්‍රියා කරන්නේ අතිශය ප්‍රගාමී ලෙස ය. දාතුක් සෙරී මෙසේ ද කියයි. ‘‘මෑත කාලයේ මම පුවත්පත් වලින් කියෙව්වා, විදේශයන්හි ජීවත් වන මැලේසියානුවන් කැනබීස් තෙල් සාර්ථකව නිෂ්පාදනය කරන ආකාරය. එහි ඇති සෞඛ්‍යමය වාසි ගැන එහි විශේෂයෙන් සඳහන් වුණා.. මට හිතුණා අපේ රට අපිට තිබුණු අවස්ථාවක් නැති කරගත්තා කියා..“
මේ අතර පසුගිය වසරේම මැලේසියානු පුවත්පත් සඳහන් කළේ එක්සත් රාජධානියේ වාසය කරන මැලේසියානුවන් තිදෙනෙක් ගංජා ශාකය නොහොත් Cannabis Sativa ශාඛයෙන් කැනබිඩෝල් ඔයිල් නොහොත් (Cannabidiol) Oil (CBD) සාර්ථක ලෙස නිෂ්පාදනය කර ඇති බව ය. පුරා වසර 15 ක් එංගලන්තයේ ජීවත් වන ඔවුන් CBD Oils Malaysia නමින් මේ වන විට වෙනම සමාගමක් ද පිහිටුවාගෙන තිබේ. මරිජුවානා පාදක කරගත් නිෂ්පාදන යුරෝපා සංගමයේ රටවල් 50කට අධික සංඛ්‍යාවකට අපනයනය කිරීමට දැන් ඔවුන්ට අවසර තිබේ.
මැලේසියාවේ අන්තරායකර ඖෂධ පාලන නීතිය ලංකාවට බොහෝ සෙයින් සමාන ය. ඒ අනුව ඔපියුම්, මරිජුවානා සහ කොකේන් ළඟ තබාගැනීම, අලෙවිය, භාවිතය, ආනයනය සහ අපනයනය සපුරා තහනම් ය. නමුත් දැන් පවතින තත්වය අනුව මැලේසියාව සිටින්නේ ලංකාවට වඩා බොහෝ ඉදිරියෙනි.
මේ වන විට ලෝකයේ රටවල් 30කට අධික සංඛ්‍යාවක මරිජුවානා නීතිගත කර තිබේ. ඒ අතරට,
අයත් ය. මේ අතර, මරිජුවානා වෛද්‍යමය කටයුතු සඳහා යොදාගන්නා ප්‍රධානම කලාපය බවට මේ වන විට යුරෝපා සංගමය පත්ව සිටියි.
ඔවුන් මෙම මරිජුවානා හඳුන්වන්නේ ‘මෙඩිකල් මරිජුවානා‘ යනුවෙනි.
ස්නායු ගැටළු වන ඇල්සයිමර්, භින්නෝන්මාදය, පශ්චාත් භ්‍රාන්තික ආතති සහලක්ෂණය (posttraumatic stress disorder) රෝගයට පමණක් නොව පොතු කබර රෝගයට පවා මෙය විශාල ඖෂධීය ගුණයකින් යුක්ත බව පැවසේ.