×

මාලි රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් – ජනපති අගමැති බලයෙන් පහ කරයි

මෙම තත්වය උපයෝගී කර ගනිමින් කර්නල් ඩියාවු ඇතුළු හමුදා නිළධාරීන් පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය බලය අත්පත් කරගෙන තිබේ. 


බටහිර අප්‍රිකානු කලාපයේ මාලි රාජ්‍යයේ ඊයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයක් හේතුවෙන් එරට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බලයෙන් පහකර තිබෙනවා. එරට ජනාධිපති ඊබ්‍රාහිම් බුබාකර් කීටා සහ අග්‍රාමාත්‍ය සුමේලු බුබේයේ මයිගා මේ වනවිට හමුදා නායකයන් විසින් රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

පැවති රජයේ තවත් ප්‍රධානීන් රැසක් හමුදා අත්අඩංගුවේ පසුවන බවද වාර්තා වේ.

මාලි අගනුවර වන බමාකෝ නගරය ආසන්නයේ පිහිටි කාටි හමුදා කඳවුරේ සිට මෙම හමුදා කුමන්ත්‍රණය දියත් වී ඇති අතර ඒ සඳහා නායකත්වය ලබා දී තිබෙන්නේ කර්නල් ඩියාවු නමැති පුද්ගලයෙකි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුදා අත්අඩංගුවට පත්වීමත් සමග බමාකෝ අගනුවර වැසියන් දහස් ගණනක් වීදිබැස සිය සතුට පළකළ අතර හමුදා කුමන්ත්‍රණය සඳහා සහාය පළකර තිබෙනවා.

පැවති පාලනය විසින් ගෙනගිය ප්‍රජාතනත්‍ර විරෝධී පාලන ක්‍ර‍මවේදය හේතුවෙන් එරට බහුතර ජනයා රජය පිළිබඳ කළකිරීමට පත්ව සිටි අතර විරුද්ධ පක්ෂ එකමුතුවකින් සැදි ‘ජුනි 05 ව්‍යාපාරය’ රජයට ඉල්ලා අස් වන්නැයි බල කරමින් පසුගිය ජුනි මාසයේ සිට විරෝධතාවල නිරත විය.

මෙම තත්වය උපයෝගී කර ගනිමින් කර්නල් ඩියාවු ඇතුළු හමුදා නිළධාරීන් පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස රාජ්‍ය බලය අත්පත් කරගෙන තිබේ.

UN – LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි