×

රජ පවුලට බිත්තර පහරක්!

සැකපිට 23 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ එරට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.


උතුරු එංගලන්තයේ විවාහ ගිවිස ගැනීම් උත්සවයකට සහභාගී වී සිටි තෙවන චාර්ල්ස් රජු සහ ඔහුගේ රාජකීය අගමෙහෙසියට ඉතා පිළිකුල් අයුරින් බිත්තරප්‍රහාරයක් එල්ල කර තිබූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප; The Australian
ඡායාරූප; Daily Sabah

යෝර්ක් හි පැවති සාම්ප්‍රදායික උත්සවයක් සඳහා පැමිණි මෙම දෙපළ පසුකර බිත්තර හතරක් උඩු ගුවනේ පියාසර කර යෑමට පහර එල්ල කර තිබුණි. එම බිත්තර වැටී ඇති ආකාරය සමාජ මාධ්‍ය දර්ශනවල දැකගත හැක.ඔවුන් මෙම සිද්ධියෙන් නොසැලී විවාහ ගිවිස ගැනීම කරගෙන ගිය බවක් පෙනෙන්නට තිබුණි.

ඡායාරූප;The Australian

සටන් පාඨ කියමින් සිටි විරෝධතාකරුවෙකු ඇදගෙන යාමට පොලිස් නිලධාරීන් යුහුසුළුව කටයුතු කළ අතර පිරිස අතර සිටි අනෙක් අය සමච්චල් කරමින්, “දෙවියන් වහන්සේ රජ්ජුරුවන්ව බේරගන්න” යනුවෙන් හඬ නගා ඇත.

යෝර්ක් – මික්ලෙගේට් හි මෙම සිදුවීමෙන් පසු මහජන සාමය කඩකිරීමක් සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ එරට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

ඡායාරූප; Reuters

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි