×

ජනාධිපති ට්‍රම්ප් වෙනුවෙන් දෙවොලක් තැනූ මිනිසෙක්

වයස අවුරුදු 33 ක් වන බුසා ක්‍රිෂ්ණා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ට්‍රම්ප්ට නමස්කාර කරන අතර, නමස්කාර කිරීම සඳහා තම නිවසින් පිටත රූපවාහිනී තරුවක්ව සිට දේශපාලඥයෙකු බවට පත් වූ ට්‍රම්ප්ගේ අඩි හයක පිළිමයක් ඉදිකර තිබේ.


එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ඉන්දියානු සංචාරය සඳහා සූදානම් වෙද්දී එක් මිනිසෙක් විවෘත දෑතින් ඔහුව පිළිගැනීමට සූදානම්ව සිටියි.

වයස අවුරුදු 33 ක් වන බුසා ක්‍රිෂ්ණා වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ට්‍රම්ප්ට නමස්කාර කරන අතර, නමස්කාර කිරීම සඳහා තම නිවසින් පිටත රූපවාහිනී තරුවක්ව සිට දේශපාලඥයෙකු බවට පත් වූ ට්‍රම්ප්ගේ අඩි හයක පිළිමයක් ඉදිකර තිබේ.

“මෙම ප්‍රතිමාව ඉදිකිරීම සඳහා මාසයකට ආසන්න කාලයක් හා කම්කරුවන් 15 දෙනෙකු අවශ්‍ය විය” ඔහු පවසා ඇත. “ට්‍රම්ප් මට දෙවියෙකු හා සමාන ය, ඔහුගේ ප්‍රතිමාව මා විසින් ඉදිකරන ලද්දේ එබැවිනි.”

මෙම ප්‍රතිමාව ට්‍රම්ප්ගේ නිල් පැහැති ඇඳුමකින් රතු පැහැති ටයි පටියකින් සැරසී දකුණු අත ඔසවාගෙන සිටියි. ඉන්දියානු කලාවේ හින්දු දෙවිවරුන් නිරූපණය කිරීමේදී මෙන්, ට්‍රම්ප් පිළිරුවට රෝස පැහැති සමක් ඇති අතර පිළිමයේ නළලෙහි දීප්තිමත් රතු සින්ඩූර් කුඩු යෙදීමෙන් තිලකයක්ද තබා ඇත.

හයිද්‍රාබාද් අසල ටෙලෙන්ගානා හි කොනේ ගම්මානයේ ජීවත් වන ක්‍රිෂ්ණා හින්දු ආගමේ සාම්ප්‍රදායික පූජා යාච්ඥා චාරිත්‍රය කරමින් සෑම දිනකම මෙම පිළිරුවට පුද සත්කාර කරයි. ට්‍රම්ප් සිහිනයකින් තමාට පෙනී සිටි බව කියමින් ඔහු මීට වසර හතරකට පෙරසිට පූජා පැවැත්වීම් ආරම්භ ක‍ර ඇත.

 

[embedyt] https://youtu.be/-OpU0ju82Bw [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි