×

Marianne ගේ තොප්පිය සුරතලා වෙයි.

Marianne ප්‍රංශය නියෝජනය කරන ඉහළ ඉතිහාසයක් තියෙන චරිතයක්.


Marianne කියන්නෙ කවුද?


ඒ නම තියෙන කොච්චර ඉන්නවද
ඔය ප්‍රශ්නයට පිළිතුරු විදිහට ඇහෙන්න පුළුවන් ප්‍රශ්නයක්.මේ Marianne ප්‍රංශය නියෝජනය කරන ඉහළ ඉතිහාසයක් තියෙන චරිතයක්. එහෙම නැතුව සංඛේතයක් කිව්වත් හරි. එය නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය සහ හේතුව පිළිබඳ පුද්ගලාරෝපණය මෙන්ම නිදහසේ දේවතාවියගේ නිරූපණයක්.
බොහෝ රජයේ ලේඛනවල නිල වශයෙන් භාවිතාවන Marianne ප්‍රංශයේ බොහෝ ස්ථානවල ප්‍රදර්ශනය කර ඇත. නගර ශාලා සහ නීති උසාවිවල ගෞරවනීය ස්ථානවල ද, ට්‍රයම්ෆ් ඔෆ් ද රිපබ්ලිකේෂන් හි ද ඇය නිරූපණය කර ඇත. ප්‍රංශ යුරෝ කාසිවල සහ ප්‍රංශ තැපැල් මුද්දරවල මෙන්ම ෆ්‍රෑන්ක් මුදල් ඒකකයේ ද ප්‍රදර්ශනය වූ Marianne ප්‍රංශය පිළිඹිඹු කිරීමකි.


මේ ගෞරවණීය පිළිඹිඹුව හිස රඳවා තිබෙන ජටාව වැනි තොප්පිය හඳුන්වන්නේ පිජියන් යනුවෙන් හැදින්වෙයි.එය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සුරතලා ලෙස නම් කරන්නට ප්‍රංශය තීරණය කර තිබේ.ඊට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේද එකඟතාවය පැමිණ ඇත.එම හිස් වැස්ම නිදහසේ සංඛේතයක් සේ හැඳින්වීම ලෝක ඉතිහාසය හා සම්බන්ධ ප්‍රංශයට පමණක් සීමා වූ එකක් නොවේය.නිදහසේ සහ ජයග්‍රහණයේ සංඛේතයක් සේ ගැනෙන මෙම හිස් වැස්ම සමහර සංස්තෘතීන්වලට අනුව හැඳින්වෙන්නේ ලිබර්ටි කැප් යනුවෙන්ය.නිදහස ලැබූ වහලුන් පැළඳ සිටි බව කියන මෙම හිස් වැස්ම ප්‍රංශ විප්ලවයේදී ද නිදහස හඳුන්වන සංඛේතයක් ලෙස විප්ලවකරුවන් හිස පැළද සිට ඇත.


රාජාණ්ඩුව අවසන් වීමෙන් ලද නිදහස ප්‍රකාශ කිරීමේ සංඛේතය හැටියට 1792 වසරේ සැප්තැම්බරයේදී, ජාතික සම්මුතිය තීරණය කළේ, රාජ්‍යයේ නව මුද්‍රාව, ෆ්‍රිජියන් තොප්පියකින් හෙල්ලයක් අතැතිව සිටගෙන සිටින කාන්තාවක් යන්නය. Marianne එම ජනරජ සංඛේතය ය.එහි ඇති පිජියන් හිස් වැස්ම 2014 ප්‍රංශ ඔලිම්පික් උළෙලේ සුරතලාගේ තැන ගැනීම පිළිබඳව 2022 නොවැම්බර් 14 වන දින, සංවිධායක කමිටුවේ සභාපති ටෝනි එස්ටැන්ගුට් සඳහන් කළේ, අපි සතෙකුට වඩා පරමාදර්ශයක් තෝරා ගත්තෙමු යනුවෙන්ය.
රාජාණ්ඩුව පෙරළීම සංඛේතවත් කරන මනුෂ්‍ය නිදහස සම්බන්ධ පුරාතන දේශපාලන සංඛේතයක් හැටියට ඔලිම්පික් බිම පිජියන් හිස් වැස්මකින් සංඛේතවත් වීම ගැඹුරු කතාවකි.එය වර්ථමාන ක්‍රීඩාවේ දේශපාලන දෘශ්ඨිය පෝෂණය කරන මානවීය නිදහස සහ සමානත්මතාවය සමබන්ධයෙන් ඇති කරන වෙනස්කම්වලද පිළිඹිඹුවක්ය.


වෙනස් කොට සළකන විවිධ රාජ්‍යයන් හී දේශපාලන දුබලතා ක්‍රීඩාවේදී පිටු දැක සකලවිධ මිනිසුන්ගේ හැකියාවන් හී එකතුවක් බවට ඔලිම්පික් බිම පත් කරමින් ලිංගිකත්වය,ජාතිය,ආගම මත බෙදෙන – ගැටෙන ලෝකය ප්‍රතික්ෂේප කරමින් ලෝකය සමානත්මතාවය පදනම් කරගෙන ක්‍රියා කරන එක යායක් බවට පෙරළන්නට ඔලිම්පික් දැක්මට හැකි වී ඇත.ගෝත්‍රික වශයෙන් ජනතා හිතෛශී නොවන දේශයක දී වුණත්,එරට ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීම ජාත්‍යන්තර වන අතර,ඔවුන් පෙනී සිටින්නේ උත්තරීතර මනුස්සකම සහ මානව සමාජයේ සමානත්මතාවය ප්‍රමුඛත්වයේ තබා ගෙනය.ඒ නිසා ඔලිම්පික් යනු රාජ්‍යයක අනන්‍යතාවය ඉක්මවා යන රාජ්‍යයන් සමූහයක එකඟතාවයත්ය.


මේ ආකාරයෙන් බලනවිට ප්‍රංශයේ නිදහස පමණක් නොව නූතණ ඔලිම්පික් ජාත්‍යන්තර වශයෙන් අපේක්ෂා කරන සහ දැනටත් ක්‍රියාමාර්ග ගෙන තිබෙන සමානත්මතාවය සහ පුද්ගල නිදහස සම්බන්ධ පරමාදර්ශයන් ද පැරිස් බිම තුළ මැවෙන ඔලිම්පික් සුරතලාගෙන් පිළිඹිඹු වීම නූතණ ඔලිම්පික් කමිටුවේ දැක්මට ද සමානය.

නිශ්මං රණසිංහ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි