×

2020 Marvel පළමු චිත්‍රපටය – නටාෂා රොමනෝෆ්ගේ අතීත කථාව රැගත් Black Widow!

Black Widow චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් වීමත් සමඟම සියලු Marvel රසිකයන් 2020 මැයි පළමුවනදා තෙක් දින ගණන් කිරීම ඇරඹූහ.


Black Widow චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් වීමත් සමඟම සියලු Marvel රසිකයන් 2020 මැයි පළමුවනදා තෙක් දින ගණන් කිරීම ඇරඹූහ.

Marvel Phase 3 අවසන් කරමින් නිම වූ Endgame චිත්‍රපටයට පසුව නිකුත් වන 2 වන Marvel චිත්‍රපටය ලෝකප්‍රකට ස්කාර්ලට් ජොන්සන් රංගනයෙන් දායකත්වය දරණ Black Widow චිත්‍රපටය වේ. නමුත් එය Phase 4 ට අයත් නොවන චිත්‍රපටයක් නොවන බවත්, Phase 4 හී පලමු චිත්‍රපටය Spider-Man: Far From Home බවත් කිව යුතුය. Marvel චරිත වලින් ඒකල චිත්‍රපටයක් හිමි වූ එකම කාන්තා චරිතය Black Widow. Black Widow චරිතය මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 2010 දී Iron Man 2 චිත්‍රපටය ඔස්සේ ය.

මෙම පූර්ව ප්‍රචාරක පටය මිනිත්තු දෙකකට වඩා දිගු අතර එහි නටාෂා රොමානොෆ්ගේ ‘පවුල’ පිලිබදව හඳුන්වා දී ඇත, ඊට අනුව ඇය පැරණි ජීවිතයේ රුසියානු ඔත්තුකරුවෙකු ලෙස සේවය කළ බවක් පෙන්වයි. ෆ්ලෝරන්ස් පුග්, ඩේවිඩ් හාබර් සහ රේචල් වයිස්ගේ චරිත රොමනොෆ්ගේ ජීවිතයට සම්බන්ධ වන ආකාරය අපට හමු වන්නේ මෙම ප්‍රචාරක පටය ඔස්සේය.

මෙම ප්‍රචාරක පටය තුළ අපට විවිධ ප්‍රභේදයන් වෙත විහිදෙන චිත්‍රපටයක් පුරෝකථනය කළ හැක. එය ආරම්භ වන්නේ Bourne-esque මාදිලියේ ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙසින්, පසුකාලීනව, මාර්වල් සිනමා විශ්වයේ සාම්ප්‍රදායික තවත් සුපිරි වීර චිත්‍රපටයක සිරි ගැනීමට එය සමත් වේ, ත්‍රාසජනක සටන් ජවනිකා චිත්‍රපටයේ රස තවත් වැඩි කිරීමට සමත් වේ.

ඔබ විශාල පිරිවැයක් දරමින් කරන ලද ඔත්තු චිත්‍රපටයක් අපේක්ෂා කළේ නම්, ඒ මෙය වීමට බොහෝ සම්භාවිතාවක් තිබේ.

රුසියානු කැප්ටන් ඇමරිකාට සමාන රෙඩ් ගාඩියන් චරිතයට පණ පොවන හාබර්, Black Widow කතාන්දරය වෙනමම අතකට පෙරළයි.

දෙවන පූර්ව ප්‍රචාරක පඨයක් පිලිබද කිසිදු කතාබහක් තවමත් නොමති නමුත් අප්‍රේල්, මාර්තු මාසවලදී එවැන්නක් බලාපොරොත්තු වීමට හැකි බව Marvel රසිකයන් ගේ අදහසයි. Soul Stone වෙනුවෙන් Avengers Endgame හීදී දිවි පූජා කළ නටාෂා රොමනෝෆ් අවසන් වරට Marvel චිත්‍රපටයකින් දැකීමට රසිකයන්ට තවත් මාස 5ක් ඉවසා සිටීමට සිදු වනු ඇත.

[embedyt] https://youtu.be/RxAtuMu_ph4[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි